කාර්බන් බද්දට එරෙහිව මීගමුවේ පාසැල් ප්‍රවාහන සංගමයේ විරෝධතාවය

-

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථයක වාර්ෂික අදායම් බලපත්‍ර ගාස්තුව කාර්බන් බද්ද සමග රුපියල්  30000 දක්වා ඉහලගොස් ඇති බව අන්තර පළාත් පාසැල් ප්‍රවාහන සංගමය පවසයි .

එම සංගමයේ භාණ්ඩාගාරික කපිල කුමාරසිරි මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ අයවැය මගින් හදුන්වාදී ඇති කාර්බන් බද්ද අයකිරීමට එරෙහිව මිගමුව පාසැල් ප්‍රවාහන සංගමය සංවිධානය කල   විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මිගමුව අවට පාසැල් වෙත පාසැල් ළමුන් ප්‍රවාහනයේ යෙදෙන  700 ක් පමණවන වාහන හිමියන් කාර්බන් බද්දට විරෝධය දක්වන පුවරු සහ කළුකොඩි එසවූ වාහන සමග මෙම විරෝධතාවයට සහභාගී වී තිබුණි.

කාර්බන් බද්ද ඉවත්කිරීමට පියවර නොගන්නේනම් ප්‍රවාහන කේෂ්ත්‍රයේ අනෙකුත් සහෝදර සමිති සමග දැඩි   වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද කපිල කුමාරසිරි මහතා වැඩිදුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here