EV වාහන වංචාවක් ! – අල්ලස් කොමිසම හා CID ය අනාවරණය කර ගනී? – චමුදිතගෙන් අනාවරණයක්!

(සටහන නෙත්මි කවීෂා)

විදෙස් ශ්‍රමිකයන් සදහා EV  වාහන ගෙන්වීම සදහා ලබා දුන් පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේදී මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සහ වංචාසහගතව ලබා ගෙන ඇති බවට අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇත.

පසුගිය අප්‍රේල් දහහතර (14) වනදා පැවති පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේදී කෝපා ජාතික විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවලින් හා ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලින් අනතුරුව මේ පිළිබදව හෙළිකර ඇත.මෙහිදී මෙම වාහන බොහෝමයක් ලබා ගැනීමට විදස් ශ්‍රමිකයන් මුදල් එවා නොමැති බවත් විදෙස් ශ්‍රමිකයන්ගේ ලියකියවිලි ගෙන්වා එම ශ්‍රමිකයන්ගේ නමට ලබාගෙන එම බලපත්‍ර කොළඹ පිහිටි මෝටර් රථ සමාගම් කිහිපයකට අලෙවි කර ඇති බව තවදුරටත් සිදුකල පුළුල් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

තවද එම වාහන බහුතරයක් ආයතන දෙකක් විසින් ආනයනය කර ඇති බවට සැකයක් ඇති බවත් එම ආනයනය හරහා මහා පරිමාණ වංචා සිදුවී ඇතිදැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද සදහන් වේ .

එසේම මෙම පරීක්ෂණ වලින් අනාවරණය වන ආකාරයට ඇතැම් ශ්‍රමිකයින් මෙම වාහන ගෙන්වීමට කිසිදු මුදලක් වැය කර නැති අතර මෙම බලපත්‍ර රුපියල් මිලියන දෙකක් හෝ තුනක් බවත් කොළඹ 05 පාර්ක් රෝඩ්හි පිහිටි ආයතනයකට අලෙවිකර ඇති බවයි.

තවද බලපත්‍ර ගැනීමට වැයවූ මුළු මුදල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් බලපත්‍රලාභීන්ගේ ගිණුමට බැර කර ඇති බවත් ඉන්පසු එම ව්‍යාපාරිකයා විසින්ම එම වාහන තම නමට පවරා ගැනීම සදහා ව්‍යාජ අත්සන් යොදා ඇති බවටත් බරපතල සැකයක් ඇති බවට හා මෙලෙස මෝටර් රථ 1500 ක් පමණ මෙරටට ආනයනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරනවා මෙන්ම අල්ලස් කොමිසම එම බලපත්‍රලාභීන් හා වාහන ආනයනකරුවන් ගෙන්වා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා අතර එමගින් මෙම මෝටර් රථ ගෙන්වීමේදී සිදුවී ඇතැයි සැක කරන මුදල් විශුද්ධීකරණය අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවට සදහන්වේ.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img