26.5 C
Negombo
26.5 C
Negombo

මේ කොව්ඩ් රැල්ලක්ද ? -පොකුරක්ද ?

-

වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මීට පෙර රට තුළ ඇතිවූ අනෙක් පොකුරු මර්දනය කළ ආකාරයටම මේ  කෝවිඩ් පොකුර මර්දනය කිරීම පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොවිඩ් ආසාදිත තත්ත්වයට සම්බන්ධ සියලු පාර්ශවයන් නැවත කැදවමින් ඔවුන් නිරෝධායනයන් සදහා යොමු කිරීමටත්, ඔවුන් PCR පරීක්ෂණ සදහා ලක්කිරීමටත් මේ වන විට කටයුතු  කර ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ දැනට ආසාදිතයන් හමුවූ වැලිකන්ද, රාජාංගණය සහ හබරාදුව ආදී ප්‍රදේශ වල පිරිස්ද මේ වන විට ඒකරාශී  කරගනිමින් ඔවුන් සම්බන්ධව කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මෙහිදී සෞඛ්‍ය අංශ, බුද්ධි සේවාව සහ හමුදාව සමග එක්ව සිදුකරන මෙම ක්‍රියාවලිය තුළ අදාල සියලු අංශ සංවෘත්ත කරගනිමින් සාර්ථකව ක්‍රියාවලිය කරගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි එම ක්‍රියාවලිය බොහෝ දුරට අවසන්ව ඇති අතර ඉදිරියේදී ආසාදිතයින් හමුවිය හැකි ප්‍රමාණ පිළිබද සහ ප්‍රදේශ පිළිබද සංඛ්‍යාලේඛණ දත්ත  නිවැරදිව වර්තමානයේ කිවනොහැකි වුවත්, මෙම කදවුරු දෙක ආශ්‍රිතව දහස් ගණනින් ආශ්‍රිතයින් සිටිය නොහැකි බවත් එම ආශිතයින් බහුතරය මේ වන විට සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ  කළේය.

මෙහිදී රාජාංගණයේ යායවල් තුනක් ආශ්‍රිතව එනම් අවමංගල්‍ය කටයුත්තේ දී, දානයේ දී සහ පාසලක් ආශ්‍රිතව මෙලෙස ආසාදිතයින් හමුවූ අතර සමස්ත ආසාදිතයින් 14ක් රාජාංගණයෙන් මේ  වන විට වාර්තා වී තිබෙන බවත්  150 දෙනෙකු පමණ සහභාගී වූ අවමංගල්‍යය සහ දානමය කටයුත්ත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව සිදුවී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  පැවසුවේය. මෙහිදී ඔහු සමාජයට දෙන වැදගත්ම පණිවිඩය ලෙස පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ කොතැනද, කෝවිඩ් 19 එතැනට රිංගන බවයි.

රට විවෘත කිරීමත් සමග අනවශ්‍ය සංචරණ, විනෝද චාරිකා ආදිය රටපුරා අනවශ්‍ය පරිදි වැඩිවී ඇත. එමෙන්ම ආර්ථිකය සාමාන්‍ය ජනජීවිතය ආදිය යළි යථාවත් කිරීම උදෙසා රට විවෘත කළද  ඇතැමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කර ඇත. එමෙන්ම සාතියක කාලයක් නැවත පාසල් නිවාඩු දීම තුළින් අදහස් වන්නේ රට පුරා කොවිඩ් ව්‍යාප්ත වී ඇති බව නොව එය  හුදෙක්ම ආරක්ෂිත පියවරක් වශයෙන් ගත් තීරණයකි.

මෙහිදී මැතිවරණ සම්බන්ධයෙන් මෙන්ම සමස්ත සමාජය, වෘත්තීය ක්‍රියාවලීන් සදහා ද මාර්ගොපදේශ මින්පෙර සකස් කර වෙබ් අඩෙවි වල පළ කර, ප්‍රචාරණයන්ද සිදුකර ඇතිබව පැවසූ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යතුමිය විශේෂ අවධානය යොමු කර ඒ සම්බන්ධව කටයුතු කරනු ඇති බවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.