මුල්‍ය විනය සහ අවංක භාවය හිටපු නගරාධිපති නික්ලස් ප්‍රනාන්දු මහතාගේ දේශාපලන ජිවිතයේ මුද්‍රාව වූ බවත් තම පාලන කාලය අවසන්ව බලය හුවමාරු කරන අවස්ථාවේදී පවා ඉතා යහපත් මුල්‍ය කළමනාකරණයක් සහිතව සභාව බාරදීමෙන් එතුමා පෙන්වා දුන්නේ රාජ්‍ය සම්පත් කෙරෙහි එතුමා දැක්වූ අප්‍රමාන ගෞරවය යයි මිගමුව මහා නගර සභාවේ වත්මන් නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා පැවසිය.
නගරාධිපති වරයා එසේ පැවසුයේ ම්ගමුව මහානගර සභාවේ 11 වන නගරාධිපති වරයා ලෙස කටයුතුකළ නික්ලස් ප්‍රනාන්දු මහතාට අවසන් ගෞරවය දැක්වීම සදහා දහවල් 12.00 ට පමන නගරසභා භූමියට රැගෙන ආ දේහය නගර සභාවේ ගිණිනිවීම සහ ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් සභා ගැබේ තැන්පත් කිරීමෙන් අනතුරුව ගුණානුස්මරණ ප්‍රණාමය පුද කරමිනි.
මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරුන් නගර සභා සේවක මණ්ඩලයේ සාමාජිකයන් සහ හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියේය






