2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර

2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියන පහක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මීගමුවේදී අද (18) පැවැති ගම්පහ දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සංචාරක පොලිසියට පැවරෙන වගකීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේදී අදාළ පනත් සංශෝධනය කිරීමේදී සංචාරක පොලිසියට දැනට පවතින බලතලවලට වඩා පුළුල් බලතල ලබාදීමටත්, සාමාන්‍ය පොලිස් සේවයට වඩා වෙනස් වූ විශේෂිත ව්‍යුහයක් යටතේ එය ස්ථාපිත කිරීමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම සංචාරක පොලිසිය සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමටද සැලසුම් කර ඇති බව හෙතෙම පැවසීය.

සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කරගැනීමට නම් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී ගැටුම්වලින් තොර සාමකාමී සමාජ පරිසරයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ පැවසීය.

“මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිතුමාගේ සහයෝගයත් අපට ලැබෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වුණා. මේ වන විට එය යම් මට්ටමකට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. නමුත් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ස්ථාවර කිරීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයත්, ආර්ථික ස්ථාවරත්වයත් අත්‍යවශ්‍යයි. ඒ සියල්ලටම වඩා රට තුළ සාමකාමී පරිසරයක් පැවතිය යුතුයි.
2030 වන විට මෙරටට සංචාරකයන් මිලියන පහක් ගෙන්වා ගැනීම අපේ අරමුණයි. ලෝක සංචාරක කර්මාන්තය තුළ විශාල අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් දක්වන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටිනවා. ඒ අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට අප කටයුතු කළ යුතුයි.
ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ සංස්කෘතිය, ආගන්තුක සත්කාරය, ස්වාභාවික සම්පත් සහ ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීමත් ඉතාම වැදගත්.
මේ කාර්යය එක් පුද්ගලයකුට හෝ එක් ආයතනයකට පමණක් සිදුකළ හැකි දෙයක් නොවෙයි. රජය, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධව කටයුතු කළ යුතුයි.
අපේ රටේ ස්වාභාවික සුන්දරත්වය සහ උරුමයන් ආරක්ෂා කරගැනීමට අප අසමත් වුවහොත් අනාගතයේදී අපට ඒ සුන්දරත්වය දැකගැනීමට සිදුවන්නේ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද රූප සටහන් මඟින් පමණක් විය හැකියි.
ඒ නිසා මෙම සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ ලේඛනයකට හෝ සැලැස්මකට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද අදහස් දැක්වීය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා විවිධ පාර්ශ්ව විසින් වෙන් වෙන්ව සැලසුම් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පොදු උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම වඩාත් ප්‍රතිඵලදායක බවයි.

ගම්පහ දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ සංචාරක අනුකමිටුව අවස්ථා 15කදී රැස්වී සාකච්ඡා පවත්වා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙය න්‍යායාත්මක සැලැස්මකට පමණක් සීමා නොවූ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් බවත්, එහි අරමුණු සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සංචාරක සංගම් නියෝජිතයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ

Hot this week

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

කටාන ප්‍රාදේශීය සභාවේ පුටු හිස්වේ…..

කටාන ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට...

අධිවේගී බෝට්ටු නිසා මිගමුව කලපුවේ මොදා මාළු කොටු විනාශයි

2026 ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිපාදන යටතේ මීගමුව කළපුව...

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

Topics

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

කටාන ප්‍රාදේශීය සභාවේ පුටු හිස්වේ…..

කටාන ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට...

අධිවේගී බෝට්ටු නිසා මිගමුව කලපුවේ මොදා මාළු කොටු විනාශයි

2026 ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිපාදන යටතේ මීගමුව කළපුව...

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img