ග්රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට පමණක් සිමා කීරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතිබව කටාන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 93/E කදිරාන ග්රාමනිලධාරී වසමේ ජිවත්වන ජනතාව පවසති.
මේ පිලිබදව අපවිසින් සොයාබැලීමක් සිදුකල අතර දැනට සිටින ග්රාමනිලධාරී 93/E කදිරාන ග්රාමනිලධාරී වසමේ රාජකාරි කරන්නේ වැඩ බලන ග්රාමනිලධාරී වශයෙනි.
වැඩි දුරටත් සිදුකල සොයා බැලීමේදී කටුනායක ග්රාම නිලධාරී වසමක ද සේවයකරමින්. 93/E කදිරාන ග්රාමනිලධාරී වසමේ වැඩබලන ග්රාම නිලධාරී වශයෙන් සේවය කරන බව දැනගන්නට ඇත.
මේ අනුව කිලෝමීටර් පහකට වැඩි දුරකින් පිහිටි ග්රාම නිලධාරී වසම් දෙකක රාජකාරි පැවරීමට පෙර එලෙස පත්කිරීමේ ප්රයෝගික බව පිලිබදව පත්කිරීමේ බලධාරීන් අවධානය යොමුකර නැතිබව පෙනීයයි.
මෙම ග්රාමනිලධාරී වසමේ මෙයට පෙර වසර ගණනාවක් වැඩබලන ග්රාම නිලධාරීන් සේවය කර ඇති අතර ඔවුන් යාබද ග්රාමනිලධාරී වසම්වන 93/D අක්කරපනහ හෝ දකුණු කදිරාන ග්රාම නිලධාරී වසමේ සේවය කල ග්රාම නිලධාරින් බවද ඔවුන්ගේ කාරයාල දෙකම ලග ලග තිබුන බැවින් සතියේ සෑම දිනකම ඔවුන්ගේ සේවය අපහසුවකින් තොරව ලබාගැනීමට හැකිවූ බවද ප්රදේශවාසින් තවදුරටත් පවසති.
2000 කට ආසන්න පවුල් සංඛ්යාවක් පදිංචිව සිටින 93/E කදිරාන ග්රාමනිලධාරී වසමේ ජනතාවගේ රාජකාරි අවශ්යතා එක් දිනක් පමණක් රාජකාරියට පැමිණෙන ග්රාමනිලධාරීවරයෙකුගෙන් ඉටුකර ගැනීමට නොහැකි බව පැහැදිලි කරුණකි.
මෙම තත්වය තුල අගහරුවදා දිනයේ රාජකාරි කටයුතු ඉටුකර ගැන්මට පැමිණෙන ජනතාවට පැයගණනක් ග්රාමනිලධාරී කාරයාලයේ රැදී සිටීමට සිදුව ඇත.
මේ පිලිබදව කටාන සහකාර ප්රාදේශීය ලේකම් වරයාගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් කල අතර ලබන වසරේ අලුතින් ග්රාමනිලධාරීන් පැමිණෙන බවත් .ඉන්පසුව 93/E කදිරාන වසමට ස්ථිර නිලධාරියෙකු අනුයුක්තකර මෙම ගැටලුව විසදන බවයි





