ශ්‍රී ලංකාවේ ‘නිලධාරිවාදය’: ‘අසීරුවෙන් දිනා ගත්’ සරසවි වරම අහිමි වේ දැයි ළතවෙන දිරිය දියණිය

නිලධාරිවාදය

“මගේ බලාපොරොත්තුව තිබ්බේ කොහොම හරි ඩිග්‍රිය අරගෙන පිට රටකට ගිහිල්ලා මගේ කකුල් දෙක හොඳ කරගෙන ජොබ් එකක් කරන්න.”

එසේ පවසන්නේ, චමෝදි තරුෂිකා පෙරේරා නම් 20 හැවිරිදි තරුණියකි.

ඇය උපතින් ම විශේෂ අවශ්‍යතා සහිත දැරියකි. ඒ, මස්තිෂ්ක ආඝාතය හෙවත් සෙරිබ්‍රල් පොල්සි (Cerebral Palsy) නම් දරුණු රෝගයට ගොදුරු වූ නිසාය.

“මගේ දුව ඉපදුණේ 1998 අවුරුද්දේ. එයා ඉපදෙන කොට හුස්ම ගත්තේ නෑ. එයාගේ මොළයට ඔක්සිජන් අඩු වෙලා කියලා තමයි දොස්තරලා කිව්වේ. එයා මාස 7න් ඉපදුණේ. කිලෝ එකයි බර තිබුණේ. එයාව මාස එක හමාරක් දෙකක් බේබි රූම් එකේ තිබ්බා. මෙයාට ඇවිදින්න බැරි වෙයි කියලා දොස්තරලා කිව්වා. පස්සේ ගෙදර ගේන්න දුන්නා. මම එයා වෙනුවෙන් ම කැපවුණා. මොන්ටිසොරි එක්කගෙන ගියේ වඩාගෙන මයි,” ඒ චමෝදිගේ මව වන වජිරා රූපසිංහය.

“නමුත් දුවව කොහොම හරි ඇවිද්දනවා කියලා මම හිතා ගත්තා.”

චමෝදිගේ පියා ඒ වන විට සේවය කළේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේය. දැන් ඔහු විශ්‍රාමිකයෙකි. ආර්ථික දුෂ්කරතා සහ අනෙකුත් කුමන බාධක ආව ද චමෝදිගේ දෙමව්පියෝ තම දියණියට හොඳින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළහ.

“දුව ඉස්කෝලේ යනකොට විවිධ ප්‍රශ්න ආවා. සමහර දෙමව්පියෝ විරුද්ධ වුණා අපේ දුව ඒ අයගේ ළමයි ඉන්න පන්තියේ ඉන්නවට. නමුත් අධ්‍යාපන නිලධාරීන් දුවගේ දක්ෂතාව දැකලා වෙනසක් කරන්න එකඟ වුණේ නැහැ. සමහර දවස්වල මම ඉස්කෝලෙ ඉස්සරහ දහවල් වෙනකම් හිට ගෙන ඉන්නවා ඉස්කෝලෙ ඇරෙනකම්,” වජිරා පැවසීය.

“මට ඕන කරන හැම දේ ම අම්මා දුන්නා. ඒ වුණත් අනෙක් අය සෙල්ලම් කරද්දී පොඩි දුකක් ඇති වුණා බෑනේ කියලා. ඒ වුණාට අම්මා හැම දා ම කිව්වේ ඉගෙනීමෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. මම ඉතින් ඒක හිතේ තියාගෙන ඒ විදියට ම කළා,” තම කුඩා කාලය ගැන මතක් කරමින් චමෝදි පැවසුවාය.

චමෝදී මව සහ පියා සමග
Image captionචමෝදි මව සහ පියා සමග

ශ්‍රී ලංකාව තුළ වසරකට උපත් 1000කට සෙරිබ්‍රල් පෝල්සි සහිත ළමුන් 2.5ක් ඉපදෙන බව වෛද්‍ය තොරතුරු පෙන්වා දෙයි.

බොහෝ දෙමව්පියෝ එවැනි දරුවන් සමාජගත කිරීමෙන් වැළකී සිටිති. නමුත් එය එම දරුවන්ට කරන විශාල අසාධාරණයක් බව වජිරා කියයි.

“මේ විශේෂිත දරුවෝ. මම ඔයගොල්ලන්ට කියන්නේ මගේ දුවව ආදර්ශයට ගන්න, මාව ආදර්ශයට ගන්න. මේ දරුවෝ ගන්න පුළුවන් ඉස්සරහට. බැරි නෑ. ඒ ගොල්ලෝ ළඟින් ඉන්න. ඒ ගොල්ලොත් එක්ක හැම තිස්සෙ ම සතුට බෙදා ගන්න බලන්න. මෙම දරුවන්ට අනිත් දරුවන්ට වඩා ඉදිරියට යන්න පුළුවන් කියන එක මම අත්දැකීමෙන් ම දන්නවා. මගේ දරුවා ඊට හොඳ උදාහරණයක්. ඇත්තට ම ඉල්ලන්නේ මේ වගේ දරුවෝ අහක දාන්න එපා කියන එක. අනිත් දරුවොත් එක්ක දාලා එයාව ඉස්සරහට ගන්න බලන්න.”

දිරිය දියණිය
Image caption“මම හැම දෙය ම කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න” – චමෝදි

නවය ශ්‍රේණිය දක්වා නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනීම ලැබූ චමෝදි ඉන් පසු ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට යාමට වරම් ලැබීය.

ඒ, 2012 වසරේදීය.

විශ්වවිද්‍යාල වරම

අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත් වූ චමෝදි ඉන් පසු අපොස උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාව හදාරා 2017 වසරේදී අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන්නාය.

එම විභාගය සමත් වූ ඇයට විශ්වවිද්‍යාල වරම් හිමි විය. නමුත් අද ඇය කාලය ගත කරන්නේ ඉච්ඡාභංගත්වයෙනි, දුකෙනි.

“මම හැම දෙය ම කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. මම ඉල්ලුවේ කැලණිය, කොළඹ, ජයවර්ධනපුර. එත් මට හම්බවෙලා තිබුණේ යාපනය. මම යුජීසී එකට ගිහිල්ලා කිව්වා කැලණිය ළඟ නිසා ඒක ලබා දෙන්න කියලා. ඒ වුණාට ඒගොල්ලෝ ඒ ගැන කිසි ම තැකීමක් කළේ නෑ. මාව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගන්නත් යාපනය විශ්වවිද්‍යාලයෙන් රිලීස් කරන්නත් කැමතියි. නමුත් ඒ ගැන යුජීසී එකේ කිසි ම කෙනෙක් කිසි ම තැකීමක් කළේ නෑ.”

මෙම සිදුවීම හා සම්බන්ධ සියලු ලිපි ලේඛන තමන් සතු බව බීබීසී සිංහල සේවයට පැවසූ චමෝදිගේ දෙමව්පියෝ, තම දියණියට සාධාරණයක් ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

බීබීසී සිංහල සේවය මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අඟහරුවාදා (මාර්තු 19) කිහිප වරක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇමතූ නමුත් පැහැදිලි පිළිතුරක් නොලැබිණ.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සාකච්ඡාවකට සහභාගි වීම පිණිස පිටත්ව ගොස් ඇති බව ඔහුගේ කාර්යාලයේ සිටි නිලධාරිනියක් පැවසීය.

බීබීසී සිංහල සේවය මේ පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, චමෝදි තරුෂිකාගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ තොරතුරු ලබා දෙන මෙන් තමන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දුන් බවය.

BBC HINHALA

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img