ගුවන් තොටුපළ සංචාරක කුළි රථ සේවාව විධිමත් කෙරේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  දි සංචාරකයන්ට සිදුවන අක්‍රමිකතා හා අකටයුතුකම් නතර කිරීමේ අරමුණින් සංචාරක කුළි රථ සේවාව විධිමත් කෙරේ. ජනාධිපති ගෝඨාභටය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගැනෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් තොටුපල සංචාරක මාර්ගොපදේශක රියදුරු සංගමයේ නියෝජිතයන් අතර මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (16) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ දි පැවැත්විණ.

ඇමතිවරයා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළේ  කළ සාකච්ඡාවේදි මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බවයි. සංචාරකයන් අපහසුතායට පත් වීම සහ සේවා සැපයීම් වල දී සිදුවන අවභාවිත වැළැක්වීමට පියවර ගන්නා බවත්, ඒ සදහා සංචාරක මාර්ගෝපදේශකයන් සහ සංචාරක රියදුරන් ලියාපදංචි කැ ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ සහතික පත්‍රයක් ලබාදෙන බව ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යෙය් දැක්ම වැඩපිළිවෙලේද ප්‍රධාන පොරොන්දුවක් වන බව ද ඇමතිවරයා කීවේය. සංචාරකයන් දිවයිනට පැමිණීමේ දී ඔවුන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් පිළිබද තොරතුරු රැසක් තමන්ට ලැබී ඇතැයි පෙන්වා දුන් ඇමතිවරයා මෙම සංචාරක මාර්ගෝපදේශ රියදුරන් නියාමනය කිරිමේ වැඩපිළිවෙලක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව කීවේය.

මෙම සංගමයේ ලේකම් අසංක ගොඩකුඹුර මහතා සදහන් කළේ සංචාරක කුලී රථ රියදුරන් පසුගිය රජය සමයේ අයාලේ යන තත්ත්වයකට පත් කර තිබු බවයි. පසුගිය එජාප ආණ්ඩුව විසින් ගුවන් තොටුපළට පැමිණීමේ පර්යන්තයේ තිබු සංචාරක කවුළු 04 ක් තම පක්ෂයේ මැරයන්ට ලබා දුන් බව පෙන්වා දුන් ගොඩකුඹුර මහතා මේ නිසා සංචාරක කුලි රථ සේවය ප්‍රමිතියෙන් තොර සේවාවක් බවට පත් වු බව ද කීවේය.

මෙම සංචාරක ප්‍රවාහන සේවාවේ නිරත ඇතැම් ආයතන  සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොමැති බවද මෙම සාකච්ඡාවේ දි අනාවරණය විය. එමෙන් ම ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැදී සිටිමින් ගුවන් මගීන්ට බාධා කරන හා ඔවුන් බලහත්කාරයෙන් වාහන වලට පටවාගෙන මගීන් කොල්ලකන ක්‍රමවේදයක් ද පසුගිය ආණ්ඩුව  කාලයේ දී ක්‍රියාත්මක වු බව ද සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙහි දී ඇමතිවරයාට පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ඉදිරියේදි මෙම සේවාවේ නිරත අයට විශේෂ නිල ඇදුමක්, හැදුනුම්පතක්, ගුවන් තොටුපළට පැමිණීමේ හා පිටවිමේ විශේෂ අවසර පත්‍රයක්, සංචාරකයන්ගෙන් අයකරන නිශ්චිත මිල ක්‍රමයක් හදුන්වා දෙන බවයි. මෙම ව්‍යාපාරයේ නිරත වාහන වෙන ම හදුනාගැනීමට පහසු වන පරිදි සන්නාමකරණය (Brand)  කිරීමට ද අපේක්ෂා කරන බව ඇමතිවරයා කීවේය.

ඊට අමතරව මෙම වාහන වල ප්‍රමිතිය මාසිකව පරික්ෂා කිරීමටත් එමෙන් ම මෙම වෘත්තියේ නිරත රියදුරන් පුහුණු කිරිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව ඇමතිවරයා කිවේය.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගි වුවාය.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img