පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්ය කටයුතු සහ අධිකරණ ක්රියා මාරග ගන්නා බව කටාන ප්රාදේශීය සභාවේ සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය (ජාතිකජනබල වේගය )ප්රකාශ කළේය..
සභාපතිනිය ඉහත සදහන් ප්රකාශය සිදුකලේ රද්දොළුව කුස්වල ප්රදේශයේ අනුමත සැලැස්මට පරිබාහිරව ඉදිකර ඇති කඩ කාමරයකට එරෙහිව නීතිමය ක්රියාමාරග ගැනීම සදහා ඉදිරිපත් කර තිබු යෝජනාව සම්බන්ධයෙන්ඇතිවූ විවාදයෙදී
පක්ෂ පාට නොබලා සියලු අනවසර ඉදිකිරීම් සදහාම නීතිය ක්රියාත්මක කරනවාදැයි විමසමින් ප්රාදේශීය සභා මන්ත්රී ලසන්ත දීපාල් මහතා (සමගි ජනබල වේගය ) අසනලද ප්රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.
අද 27 දින සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්රධානත්වයෙන් කටාන ප්රාදේශීය සභා ශාලාවේදී මාසික මහා සභාව පැවත්විණි.
සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය (ජාතිකජනබල වේගය )
අනවසර ඉදිකිරිම ඉවත්කරගන්නා ලෙස අවස්ථා කිහිපයක් දන්වා ඇතිනමුත් අදාල පුද්ගලයා එය සිදුනොකරන බැවිනි නඩු පැවරීමට කටයුතු කරනවා ඒ සදහා මහා සභාවේ අනුමැතිය සදහා යෝජනා ව ඉදිරපත් කරනවා මෙම ස්ථානයට අමතරව තවත් අනවසර ඉදිකිරිම 95 ක් හදුනාගෙන තිබෙනවා තවත් අනවසර ඉදිකිරීම් තිබේනම ඒවායේ තොරතරු ලබාදෙන්න. පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්ය කටයුතු සහ අධිකරණ ක්රියා මාරග ගන්නවා
ලසන්ත දීපාල් මහතා (සමගි ජනබල වේගය )
රද්දොළුව නිවාස යෝජනාක්රමයේ විශාල අනවසර ඉදිකිරිම ප්රමාණයක් තියෙනවා තවත් ස්ථාන වලත් අනවසර ඉදිකිරීම් තියෙනවා මේවා සියල්ල ඉවත්කරන්න අපි තොරතුරු ලබාදෙන්න සුදානම්.මම කුමාරසිරි මන්ත්රීතුමා කටයුතු කරන විදිය පිලිබදව සතුටුයි ආණ්ඩු පක්ෂයේ සිටිමින් වැරදි දේට වැරදියි කියන එක ගැන මම කිසිම වෙලාවක සභාපති තුමියට චෝදනා කරන්නේ නෑ මුදලට යටවුනා කියල නමුත් ඔබතුමිය කවුරුන්හෝ පාලනය කරනවා
ජෙරොම් නිර්මල් සුජිත් ජෝශප් මහතා (ජාතිකජනබල වේගය )
අපි මුලික වශයෙන්ම බලාපොරොත්තු වන්නේ රටේ නීතිය ක්රියාත්මක කිරීම අපී මුලිකව විශ්වාශ කරන්නේ නිතිය ඒ නිසා ලසන්ත මන්ත්රීතුමා කියපු කථාව හරි අනවසර ඉදිකිරීම් 95 ක් මේවනවිට ලේඛන ගතවෙලා තියෙනවා මානවෙරිය කොට්ඨාශයේ නේවාසික පරිසරයක යකඩ කපනවා මේක ඉවත්කරන්න කියල අවුරුදු ගානක් තිස්සේ පරිසර අමාත්යංශයෙන් හැම තැනින්ම ලියුම් ගහල මේක ඉවත් කරන්න කියලනමුත් ඒක උනේ නෑ මේ වනවිට අපි අධිකරණ ක්රියාමාර්ග අරගෙන තියෙනවා ලසන්ත මන්ත්රීතුමා කියුවා ඔඩිට් එකේ අය විශ්වාශ කරන්න බෑ කියල අපටත් ඔඩිට් එක පිලිබදව බරපතල ප්රශ්න තියෙනවා මේවා කිය කිය ඉදල හරියන්නේ නෑ නිවැරදි වියයුතුයි.මාධයෙන් කියන්න ඔඩිටි එකට හරියට වැඩකරන්න කියල.
ඒ වගේම නිලධාරින්ට දොස්කියල හරියන්නේ නෑ මොකද අපි දන්නවා එන්.පී.පී ආණ්ඩුව පිහිටවන්න අපට කොළ කොඩිය උස්සලා පෙන්නුවේ මේ නිලධාරින් ඒ නිසා අපිට ඒ අය අතහැරලා පැත්තකට දාලයන්න බෑ.
ප්රාදේශීය සභා මන්ත්රී කුමාරසිරි ගුණවර්ධන(ජාතිකජනබල වේගය )
ඇලවල් පාරවල් අවහිරකරමින් සිදුකර ඇති අනවසර ඉදිකිරීම් නිසා ඒ ප්රදේශවල ජීවත්වෙන ජනතාව පිඩාවට පත්වතිබෙනවා මම උදාහරණයක් හැටියට කියන්නේ ආඩිඅම්බලමේ රාහුල මාවතේ අනවසර තාප්පයක් නිසා අපට කණුවක් ඉදි කරන්න බැරිවෙලා තියෙනවා
ඒ වගේම ජයකොඩි මාවත ගුණවරධන මාවත ඇතුළු අතුරු මාරග සම්පුරනයෙන්ම වැසි ජලයෙන් යටවෙලා ආඩිඅම්බලමේ විජය මාවතේ කෙලවරේ විජය බෝධි වැවේ වතුර යන ප්රධාන බෝක්කුව බෝක්කුවක් වහලදාල තියෙනවා ආඩිඅම්බලමේ තෙල් මෝල ලග ඉදල කොවින්නේ ගග දක්වා යන ඇල මාරගය අවහිර කරලා මේ නිසා ගම්වැසියන් පිඩාවට ලක්වෙනවා.
ගංගාරාම පාරේ අතුරු මගේ තියෙන රුට්වේ කියන ආයතනය පිටුපස කොටස සම්පුරනයෙන්ම අනවසරයෙන් ඇල මාරගයේ හදල තියෙන්නේ අපි වරදක් කරලා තියෙනවා කපාගෙන ආපු ඇල රක්ෂිතයට මුදා හැරලා තියෙන්නේ ඇල මාරගය ගගට එන්නේ නෑ.
මේ නීතිවිරෝධී අනවසර ඉදිකිරිම නිසා ජනතාව ආපදාවන්ට ලක්වෙනවා ඒ නිසා ඒවා ඉවත්කිරීමට අවශ්ය නීතිමය කටයුතු මේ සමගම ආරම්බ කරනලෙස සභාපති තුමියගෙන් ඉල්ලා සිටිනවා.වැරැද්ද කවුරු කලත් වැරදියි අදාහනාගාරයේ ප්රශ්නය සම්බන්දයෙන් ලසන්ත මන්ත්රී තුමා සමග එකගයි ඒ සම්බන්ධයෙන් විමරෂණය කරනවාමයි
ප්රාදේශීය සභා මන්ත්රී උපුල් ප්රියන්ත මහතා (ස්වාධින)
උපසභාපති තුමාගේ නිවාස ඉදිරිපිට කාපට් පාරේ ත්රිරෝද රථ සමිතියක් විශාල අනවසර ඉදිඉකිරිමක් කරලා තියෙනවා එකත් ඉවත්කරන කටයුතු කරන්න.හැම තිස්සෙම හොරු හොරු කියල බොරුවට චෝදනා කරන්න එපා හොරකම් කරලා තියෙනවා නම් අල්ලලා නඩු දාන්න
උප සභාපති අජිත් ප්රියදරෂණ මහතා(ජාතිකජනබල වේගය )
මගේ අපේ නෙමෙයි නයනා ලෝක ගමත් මෙහෙත් ඔයකියන රද්දොළු ගමෙත් ආඩිඅම්බලමේ හැම තැනම අනවසර ඉදිකිරීම්නම් ඒවා ඉවත්කිරීමට කටයුතු කරනවා
ප්රාදේශීය සභා මන්ත්රී චමින්ද රත්නායක මහතා(පොදුජන එක්සත් පෙරමුණ )
මේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම හොද යෝජනාවක් පක්ෂ බේද බලන්නේ නැතිව අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අපි මෙතන මධ්යම රජයේ කටයුතු ගැන කතාකරල තේරුමක් නෑ අපට අවශ්ය සභාවේ දේවල් රැකගැනීම.
ප්රාදේශීය සභා මන්ත්රී ප්රවීන් චමෝද් මහතා (සර්වජනබලය ).
සමුරධි ගම කානු පද්ධතියේ අනවසර ඉදිකිරීමක් සිදුකරන අවස්ථාවේ ටිඕ මහත්මය කැදවාගෙනගිහින් ඒ අනවසර ඉදිකිරිම පෙන්නුවා තාමත් මේ පාලනය යටතේ ඒ අනවසර ඉදිකිරිම ඉවත්කර ගන්න බැරිඋනා අපි ඉදිරිපත් කරනහොද යෝජනා ක්රියාත්මක නොකර ඉවත දමන්න එපා
ප්රාදේශීය සභා මන්ත්රී ලෙස්ලි ප්රනාන්දු පුල්ලේ මහතා (ජාතිකජනබල වේගය )
මෙයට පෙරත් ගමින්ගමට දොරින් දොරට වැඩසටහන යටතේ වැලිහේන ක්රීඩාංගනය සදහා ලක්ෂ සීයක මුදලක් වෙන්කළා මේ වනවිට ක්රීඩාංගනය වටා ඉදිකර තිබු වැටේ යකඩ පයිප්ප 10 ක් සොරකම් කරලා ගලවාගෙන ගිහින් වොලිබෝල් පිටියේ තිබු ආලෝක පද්ධතිය නෑ එයත් ගලවාගෙන ගිහින් ජල ටැංකිය නෑ
මේ සොරකම් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසියට කාරමික නිලධාරී විසින් පැමිණිල්ලක් කලා 2026.10.14 වෙනිදා අංක MOIB/94 C යටතේ පැමිණිල්ල දාලා සාක්ෂිත් ඉදිරිපත් කලා එත් කොච්චිකඩේ පොලිසිය මේ පැමිණිල්ල සම්බන්ධයෙන්අද වනතුරු ක්රියාත්මක වී නෑ
2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්රාදේශීය සභාවේ අයවැය ලේඛනයද වැඩි ජන්ද අටකින් සභා සම්මත විය.
අයවැය යෝජනා සදහා පක්ෂව ජන්ද 23 ක් සහ විපක්ෂව ජන්ද 15 ක් ලැබුණු අතර විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු හතරදෙනෙකු අද මහා සභාවට පැමිණ නොතිබුණි.





