රුපියල් 5000 දීමනාව ත්‍රීරෝද , බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ටත්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට
පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු
ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය
කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ
මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම
තීරණයට එළඹී බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුල පවතින
තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා
මන්ත්‍රී , ග්‍රාම නිළධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත්
කල හැකිය. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල
පුද්ගලයන් තෝරාගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මගිනි. අදාල
කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය විසින් පැහැදිලිව දැනුම් දී ඇතැයි
ද ඇමතිවරයා සදහන් කරයි.
මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය
සම්පූර්ණයෙන්ම බිදවැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ
රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව
තිබේ. වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ යැපෙන විශාල පිරිසක්ද ඒ අතර වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ බව ඇමති ප්‍රසන්න
රණතුංග මහතා සදහන් කරයි.
මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා
කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි අයට ඇදිරි නීතිය නිසා සිය
ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශව වලට මෙම දීමනාව ලබා දීමට
රජය තීරණය කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත්
කියා සිටී.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img