කටානේ ගිනිඅවි කම්හලක්

කටාන පොලිස් වසමේ කටියල ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය අනවසර  ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු මෙරට නිෂ්පාදිත ගිනි අවිතුනක්   විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක දසනායක නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වල සගවා තිබියදී සොයාගත් මෙම ගීනිඅවි අතර විදේශීය රටක නිශිපාදිත රිවෝල්වරයක් මෙරට නිෂ්පාදිත ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කොටන තුවක්කුවක් බදින තුවක්කුවක් සහ රිවෝල්වරයක කොටසක් තිබු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් සහ ගිනිඅවි නිෂ්පාදනය සදහා භාවිතාකලබවට සැකකරන  ග්‍රයින්ඩර්යක්  ඩ්‍රිල් මැසිමක් ඇතුළු උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා දෙමස්සිනාලා බවත් මොවුන් විසින් ගිනි අවි නිපදවා වෙනත් පුද්ගයන්ට   අලවිකර ඇත්නම් ඔවුන් හදුනා ගැනීමට සහ ඒවා අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදු කිරීමට  හෙට 18 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img