මීගමුවේ මුඩුක්කු දේශපාලනය අවසන්

මීගමුවේ  පැවති කප්පම් සහ මුඩුක්කු දේශපාලනය සහමුලින්ම ඉවත්කිරීමට කටයුතුකරනබව මිගමුව මහා නගර සභාවේ නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

නගරාධිපතිවරයා මෙම අදහස් පලකලේ  යුධහමුදාව විසින් සංවිධානය කල වෙරළ තිරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට 29 දින මිගමුව බ්‍රවුන්ස් බීච් වෙරළතීරයේදී   සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි

මෙහිදී තවදුරටත් මාධ්‍යවේදීන් වේදීන් යොමුකල ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අදහස් පලකල නගරාධිපතිවරයා. වසර 20 කට අධික කලයක් තිස්සේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් දවසකින් දෙකකින් ඉවත්කරන්න බෑ ඒවායේ සිටින අයට විකල්ප ලබා දියයුතුයි සංවේදී කරනා පිලිබදව මානුෂිකව කල්පනාකාර එම කණ්ඩායම් සමග සාකච්චා කර අනවසර ඉදිකිරීම් ඉවත්කරනවා අලුතින් කිසිම අනවසර ඉදිකිරීමක් කරන්න ඉඩදෙන්නේ නෑ.

කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින්  පාරවල්වල නතර කරන වාහනවලින් වෙලදුන්ගෙන්    මුදල් ලබාගැනීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නවා  ඒ සදහා කාලයක් අවශ්‍යයි මහා නගරසභාවේ යාවත්කාලින කල වත්කම් ලේකනයක් නැහැ.

සභාවට අයිති දේපොළ පිලිබදව මේදිනවල සංගණනයක් කරනවා සභාවට අයිති දේපලවලින් නිත්‍යානුකුල බලයක් නොමැතිව මුදල් එකතු කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ එහෙම තැන් පිලිබදව පැමිණිලි ලැබුනොත් නිත්‍යානුකුල පියවර ගන්නවා

මිගමුව සුළු වර්ෂාවකට පවා යටවෙනවා වසර 10 කට අධික කාලයක් මතුපිට කානු පද්ධතිය පිරිසිදු නොකිරීම මෙයට ප්‍රධාන හේතුවක් කානු පිරිසිදු කිරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා .

මිගමුව සුන්දර නගරයක් ආකර්ශනීය සංචාරක පුරවරයක් කිරීමේ කාර්ය සැලසුමක් සහිතව සිදුකරන බවද නගරාධිපති වරයා වැඩිදුරටත් පැවසිය.

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img