(සටහන නිපුණ විජයසිංහ)
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයාට අදළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.





