මීගමුවේ ඇලවල් හතක ජලයේ අසුචි -නාගරික කොමසාරිස්

මීගමුවේ හෝටල් කලාපය ආශ්‍රිතව  මුහුදට ගලා බසින ඇල මාර්ග  හතක ජලය ඉතාමත් නරක මට්ටමක ඇති බව සිදුකල ජල පරීක්ෂණ වාර්තාවලින් තහවුරුවී  ඇති බව මිගමුව නාගරික කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය පවසයි.

මෙම තොරතුරු අනාවරණය වුයේ සංචාරක කලාපය පවිත්‍රව තබාගැනීම සදහා  අවශ්‍ය ඉදිරි සැලසුම් පිලිබදව හෝටල් හිමියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමග නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව  ශාලාවේ  පැවති සාකච්චාවකදීය.

මෙහිදී තවදුරත් කරුණු පැහැදිලිකල   නාගරික කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය

එම ඇල මාර්ගවල තෙල් ඉදුල්  ඉකොලයි  (අසුචි) ඇතුළු සියලු දේ තියෙනවා හරියට නිතිය ක්‍රියාත්මක කලොත් සියලුදෙනාටම නිතිය ඉදිරියට යන්න වෙනවා.

මාර්ග සහ පළාත් මාර්ග  සංවර්ධන    අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය ආදී සියලු ආයතනවල කටයුතු නගර සභාවට ලැබෙන අදායමෙන්  ඉටුකළ නොහැකියි මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සිමා සහිතයි.

අද වනවිට ඔවිටියා වත්ත කුනුකන්ද අඩි 65 ක් තරම් උස්ව තිබෙනවා දිනකට කසල ට්‍රැක්ටර් 50 ක් පමණ එම ස්ථානයට බැහැරකරනවා දැනටමත් වයික්කාල ප්‍රදේශයේ හෝටල් විසින් කුනු කන්දෙන් දුගද හමනබවට  පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

රැස්වීම්වල කතාකළ පමණින් මිගමුව සංචාරක ගමනාන්තයක් බවට  පත්වන්නේ නෑ රාජ්‍ය අංශය  පුද්ගලික අංශය සහ ප්‍රජාව  ඒ සදහා එක්ව කටයුතු කලයුතුබව නාගරික කොමසාරිස් වරිය  තවදුරටත් පැවසිය.

මෙහිදී ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා පැහැදිලි කල කරුණු අනුව දිනකට මිගමුව නගරය තුල කසල මෙට්‍රික් ටොන් 115 ක් 120 ක් අතර ප්‍රමාණයක් ජනනය වනනමුත් ඉන් ඔවිටියා වත්තට බැහැර කරන්නේ කසල ටොන් 70 ක් 80 ක් අතර ප්‍රමාණයක් පමණි.

මෙම  පැහැදිලි කිරීමට  අනුව මිගමුව නගරය තුල තැන තැන කසල ගොඩගැසීම නොවැලැක්විය කරුණක් බව පැහැදිලිවේ.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img