කටානේ බැංකු වැසේ – ගනුදෙනු කරුවෝ අසීරුවේ- අම්බරුවෝ තප්පුලයි

දිරි දීමනා ලබානොදීම  කිසිදු හේතුවක් නොමැතිව ස්ථාන මාරුකිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් කටාන විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ග්‍රාමීය බැංකු  24      ක සහ සිල්ලර අංශයේ වෙළදසල් 11 ක්  වසාදමා  වැඩ වැරීමක් සිදුකරමින්  ඒවයේ කාර්යමණ්ඩලය ඊයේ  (24 දින)   කටාන දෙමන්දියේ පිහිටි   සංගමයේ ප්‍රධාන කාර්යාලය ඉදිරි පිටට පැමිණීම නිසා බැංකු වලට සහ වෙළද සැල්වලට පැමිණි ගනුදෙනු කරුවන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනු දක්නට ලැබිණි.

බැංකු සේවකයන්ට ලබාදුන් රුපියල් 40000 ක දිරි දීමනාව සහ අනෙකුත් සේවකයන්ට ලබාදුන් රුපියල් 20000 ක දීමනාවත් කිසිදු හේතුවක් නොමැතිව නතර කර ඇතිබවත් එමනිසා තමන්ගේ සේවා ස්ථාන වසාදමා  මෙහි පැමිණිබව නම හෙළිකිරීමට අකමැතිවූ සේවක සේවිකාවන් ප්‍රකාශශ කලේය.

මෙහිදී රැස්ව සිටි සේවක සේවිකාවන් සහ අධ්‍යක්ෂක මණඩල සාමාජිකයන් අතර උණුසුම් සංවාදයක් ඇතිවූ අතර සිද්දිය වාර්තාකරමින් සිටි මාධ්‍ය වේදීන් සභාපති වරයාගේ උපදෙස් අනුව එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබිය.

එම ඉවත්කිරීම හේතුවෙන් මේ   පිලිබදව වැඩිදුර තොරතුරු නිවැරදිව  දැනගැනීම සදහා ජනතාවට තිබු අවස්ථාව අහිමිවූ අතර මෙම සිදුවීම පිලිබදව පාලනාධිකාරියේ පිළිතුරු ලබාගැනිමටටද නොහැකිවිය.

අධ්‍යක්ෂක මණඩල සාමාජිකයෙකුවන  ලක්ෂාන් මදුසංක මහතා මාධ්‍ය වේදියකු තල්ලුකර ඔහුගේ කටයුතුවලට බදාකරනු දක්නට ලැබිණි.

කටාන විවිධ සේවා සමුපකාර සංගමයට අදාලව  ප්‍රවෘත්ති වාර්තා අපවිසින් වාර්තා කර ඇති අතර එවකට සිටි පාලකයන් මේ අන්දමින් කටයුතු නොකල අතර ඔවුන්ගේ පැහැදිලි කිරිම්වලටද අප අවස්ථාව ලබදුන්නෙමු.

වත්මන් පාලකයන්ටද අප එම අවස්ථාව විවෘත්ත කර ඇත.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img