හිටපු නගරාධිපති නිකුලස් මහතාගේ දේහය අද දහවල් 12 .00 ට නගර සභාවට

මීගමුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවූ වර්ණකුළසූරිය  නික්ලස් ප්‍රනාන්දු මහතා ඊයේ(11)  අලුයම මියගොස් තිබේ

මියයනවිට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.,ප්‍රථමවරට  1983 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් කුඩාපාඩුව කොට්ඨාශය තරඟකර මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වි ඇති නික්ලස් ප්‍රනාන්දු මහතා 1992 දක්වා නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසත් 1992 සිට 1996 දක්වා මීගමුව මහා නගර සභාවේ 11 වන නගරාධිපතිවරයා වශයෙන් සේවය කර තිබේ.

මහත්මා දේශපාලනයේ නිරතවූ  වෘත්තියෙන් ඝනකාධිකාරීවරයෙක් වූ  ඒ මහතා වැඩිම ස්ථාවර තැන්පතු ප්‍රමාණයක් නගර සභාවේ වත්කම් ලේඛනයට එකතුකරන ලද නගරාධිපති වරයා බවද නගර සභා සේවකයන් පවසති

මහජන ගෞරවය සදහා දේහය අද 12 දින දහවල් 12.00 සිට 1.00 දක්වා මිගමුව මහානගර සභාවේ තැන්පත් කර තබන අතර අනතුරුව දේහය මීගමුව,කුඩාපාඩුව, පෙරේරා පෙදෙසේ ,අංක 25 දරණ ස්ථානයේ පිහිටි නිවසේ  තැන්පත් කර තැබීමට නියමිතය.

අවසන් කටයුතු 14 වැනි සෙනසුරාදා සවස 2.30 ට මීගමුව වැල්ලවීදිය, රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img