මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක් තිබෙන ඇති අතර ඒ වටා ගඩොල් තබා කුඩා ප්‍රාකාරයක් සකස්කර එහි වැලි අතුරා තිබෙන අයුරුද දැකගන්නට තිබේ.එමෙන්ම මෙහි අතුවල ගල් එල්ලා තිබෙනුද දක්නට ලැබිණි.
වන්දනා මාන කිරිම සදහා බෝපැලයක් රෝපණය කරන්නේනම් ඒ සදහා සුදුසු ස්ථානයක් තෝරා ගතයුතුව ඇත.
එක්පැත්තකින් රෝහලේ තාප්පය සහ අපජලය ගලායන කානුව අතර මේ බෝ පැලය සිටුවා ඇත.මෙම ස්ථනයේ බෝගසක් වැනි විශාල වෘක්ෂයක සදහා අවශ්‍ය ඉඩකඩ නොමැති අතර වන්දනා මාන කිරීම සදහා සුදුසු පරිසරයක් ද නොමැත. එමනිසා මේ බෝ පැලය මෙම ස්ථානයෙන් ඉවත්කර සුදුසු ස්ථානයක යලි සිටුවීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.
මාරග සංවර්ධන අධිකාරිය විසින් සියලු මහා මාරග අධීක්ෂණයට කාරමික නිලධාරී සහ ඉංජිනේරුවන් පත්කර තිබේ අවම වශයෙන් මාසයකට දවසක් හෝ තමාගේ අධීක්ෂණයට යටත්වන සිමාවේ පාරවල් වල නිරීක්ෂණ චාරිකාවක නිරතවන්නේ නම් මෙවැනි ස්ථාන මෙන්ම අනවසර ඉදිකිරීම් ආදිය ඉක්මනින් අනාවරණය කර ගැනීමේ අවස්ථාව හිමිවේ.
මිගමුව නගරය තුල මහා මාර ග දෙපස දිනෙන් දින අනවසර ඉදිකිරිම ඉහල යමින් පවතින වේගය අනුව අධීක්ෂණ නිලධාරීන් මෙම මාරග වල එවැනි නිරීක්ෂණයන් සිදුකර නොමැති බවත් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නිත්‍යානුකුල පියවර ගෙන නොමැති බවත් පැහැදිලිව පෙනීයන කරුණකි.
මාරග සංවර්ධන අධිකාරියේ අවධානය පිණිසයි.;






