මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන් වාහන අදායම් බලපත්‍ර ලබාගැනීමට විනාඩි 30 ත් 45 ත් අතර කාලයක් පෝලිමේ රැදී සිටීමට සිදුවන බව එහි පැමිණෙන මහජනතාව පවසති.
මුදල් ගෙවීමේ කවුළු දෙකෙන් එකක් පමණක් විවෘත්තව තිබෙන අවස්ථාවලදී මෙම තත්වය ඇතිවන බව දැකගත හැකිවිය.
මේදිනවල පවතින අධික අවුරශ්මිය විදිමින් දිගුවේලාවක් පෝලිමක රැදී සිටීම අසීරු කරුණකි.
එමනිසා අදායම් බලපත්‍ර ලබාගැනීම සදහා පැමිණෙන ජනතාව දිගුවෙලාවක් පෝලිමේ රැදී සිටීම වැළැක්වීම සදහා මුදල් කවුළු දෙකම සෑමවිටම විවෘත්ත කර තැබීමට අවශ්‍ය කටයුතු කිරීම ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ පරිපාලනයේ වගකීමකි.






