කටාන ප්රාදේශීය සභාව බල ප්රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් විසින් කඩකර ඇති සංවරධන කොන්දේසි නිවැරදි කිරීමට කටාන ප්රාදේශීය සභාව විසින් ජනතා බදු මුදල් වියදම් කරමින් කටයුතු කිරීම පිලිබදව ප්රාදේශීය සභා මන්ත්රීවරු විරෝධය පළකරති.
ප්රාදේශීය සභා බලප්රදේශයයේ ඉඩම් කැබලිකර විකිනීමට පෙර ඒ සදහා අනුමැතිය අනුකුලතා සහතිකය ලබාගත යුතු අතර අනුමැතිය ලබාදීමට පෙර ඉඩම සංවර්ධනය කිරීම සදහා කොන්දේශි සහිත ලිපියක් නිකුත් කරනු ලැබේ. අදාළ දේපල වෙළදම් ආයතනය විසින් එම කොන්දේසි නිවැරදිව ඉටුකල පසු ඉඩම් කොටස් විකිණීම සදහා සභා අනුමැතිය ලබාදීම අනුකුලතා සහතිකය ලබදීම සිදුවේ.
එහෙත් පසුගිය පාලන කාලයේදී කොන්දේසි නිසිපරිදි සිදුනොකල ඉඩම් ද දේපල වෙළදම් ආයතනය විසින් අලවි ඇති අතර ඔවුන් විසින් සිදුකර නැති සංවර්ධන කටයුතු වත්මන් පාලනය විසින් මහජන බදුමුදල් වැයකරමින් සිදුකරන්නේ හිටපු පාලකයන්ගේ වංචා දුෂණ යටගැසීමට උදවු දීමට යයිද මන්ත්රීවරු චෝදනා කරති.
එමෙන්ම දුෂිතයන් ලෙස හැදින්වූ හිටපු පාලකයන් සමග කටයුතු කරන ලද අසාදු ලේඛන ගතකල කොන්ත්රාත් කරුවන්ට යලි කොන්ත්රාත් ලබා දීමට වත්මන් පාලනය කටයුතු කරන්නේ හොද්ද බොර කරගැනීමට දැයි සැකයක් ඇතිවන බවත් උපුල් ප්රියන්ත මන්ත්රීවරයා පැවසිය
මෙම කරුණු අනාවරණය වුයේ කොන්ක්රීට් කර ඇති අයිවන් ද සිල්වා මාවතේ කොටසක් මිලියන පහක් වැයකර කාපට් ඇතිරීම සදහා ගෙන එනලද යෝජනාවක් පිලිබදව පසුගිය මස මහා සභාවේදී මන්ත්රීවරු අදහස් පලකල අවස්ථා වේදීය.





