33 C
Negombo
33 C
Negombo

කටුවපිටියේදී ඇල්ලු කුඩුගෙනාවේ කාටද ?

-

හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 8 ක් සමග  පුද්ගලයන් දෙදෙනෙකු 23 දින සවස මිගමුවේදී අත්අඩංගුවට පත්වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි නිලධාරියාට  ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් සහ මෙමසැකකරුවන් දෙදෙනා කටුවපිටිය දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සේලවකුමාර් තමෙල් ප්‍රනාන්දු (37) සහ රංජිත් කුමාර් ප්‍රනාන්දු(43) නමැති ධිවර රැකියාවේ නියුතු දෙදෙනෙකි.මොවුන්  දෙදෙනාම හලාවත කුරුස පාඩුව වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

මොවුන් මෙම හෙරොයින් රැගෙනවිත් ඇත්තේ මෙම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම් කරුවෙකු සදහා  ලබාදීමට  විය හැකිබවට  සැකපල කරනබව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු   සදහා මිගමුව මුලස්ථාන පොලිසිය වෙත භාරදී ඇති අතර විමර්ශන වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82756 ගයාන් ,37928 වන්නිනායක,82442 පෙරේරා ,88441 සහ පොලිස් රියදුරු 80931 විජේරත්න  යන නිලධාරින්ද සහභාගිවී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.