32 C
Negombo
32 C
Negombo

ජලසපැයුම අඩාලකර කටානේ ප්‍රජා ජලයෝජනා ක්‍රම වසාදැමීමේ කුමන්ත්‍රණයක් ? –

-

කටාන ප්‍රාදේශීය ලේකම්  බල ප්‍රදේශය තුල අතිවිශාල  මුදලක් වැයකර ඉදිකර ඇති ප්‍රජාමුල ජලයෝජනාක්‍රම වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනබව ජනතාව පවසයි.

මේ සදහා ප්‍රජා ජලදෙපාර්තමෙන්තුවේ ඍජුව වගකිව යුතුබව අපගේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

ප්‍රදේශයේ සමහර දේශපාලකයන් ද මේ ප්‍රජාජල්යෝජනා ක්‍රම පවත්වාගෙන යාම  වෙනුවට වසා දැමීමට දක්වන කාලකන්නි  උනන්දුවක්  දක්වන බව පෙනෙන්නට ඇත.

ප්‍රජා ජලදෙපර්තමේන්තුවේ නිලධාරීන්  ජලයෝජනා ක්‍රම වල පැවැත්ම ගැන උනන්දුවක් නොදක්වන අතර අවමවශයෙන් අවුරුද්දකට එක්වරක් හෝ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් ප්‍රජා  ජලයෝජනා ක්‍රම පිලිබදව සොයාබැලීමට නොපැමිණෙන බවද දැනගන්ට ඇත.

ඉතාමත් ක්‍රමවත්ව පවත්වාගෙන ගිය අක්කර පනහ එන්ජලස් ප්‍රජාජල්  යෝජනාක්‍රමයේ සිදුවූ මහාපරිමාණ වංචා යටගසා දැමීමට දේශපාලන බලවන්තියක් ප්‍රජා ජලදෙපාර්තමේන්තුවට කරන ලද බලපෑම වල ප්‍රතිපල මේ වනවිට එම ප්‍රජාමුල සංවිධානයේ සාමාජිකයන් අත්දකිමින් සිටි.

මෙම වංචනිකයන් මේවනවිට සති තුනකට අධික කාලයක සිට ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා නොදෙමින් සාමාජිකයන් දැඩි අසීරුතාවයකට පත්කරමින් ජලයෝජනා ක්‍රමය මරාදැමීමේ කුමන්ත්‍රණයක් යෙදීසිටින අතර ප්‍රජා ජල යෝජනාක්‍රමය ආරම්භයේ සිටම එහි ප්‍රගතියට අකුල්හෙලමින් සිටි මුල්‍ය ආයතනයක ලිපිකරුවෙකු ලෙස කටයුතු කල බාලයෙකු මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන බව ද වාර්තාවේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.