සිසුවියක් දුෂණයකල මීගමුවේ පාසැල්ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

-

17 වියැති  පාසල් ශිෂ්‍යාවක් මත්ද්‍රව්‍ය වලට හුරුකර කාලයක් තිස්සේ ඇය දුෂණයට  ලක්කළ බවකියන ගුරුවරයෙකු මෙම මස 27 දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත මහතා 24 දින නියෝග කළේය.

මෙසේ ඇප ප්‍රතික්‍ෂේපවී රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරුවුයේ මීගමුවේ මිශ්‍රපාසැලක දමිල භාෂාව උගන්වන ගුරුවරයෙකු බවකියන කටාන මහහුණුපිටියේ මොහොමඩ් නවාස් වාහිඩ් නම් 35 වියැති විවාහකයෙකි.

අතවරයට ලක්වූ සිසුවිය වෛද්‍ය පරික්ෂනයකට ලක්කිරීමෙන් පසු ඇය දුෂණයට ලක්ව ඇතිබව තහවුරු වී ඇතයි  වාර්තාවේ.

මෙම සැකකරු මානසික උපදේශනයක් සදහා කැදවාගෙන යනබව පවසමින් තමාගේ  වෑන්රථයෙන් මෙම සිසුවිය කැදවාගෙන ගොස් වරින්වර දුෂණයට ලක්කර ඇතිබවත් වාහනය තුලදී දිවයට තබාගැනීමට මත්ද්‍රව්‍යක් ලබාදී ඇය මත්වීමට යොමුකර බිර පානය කිරීමට දීඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව අපගේ පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

මේ අන්දමට තවත් සිසුවියන් මෙම සැකකරු විසින් අපයෝජනයට ලක්කර තිබේද සහ මේසදහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සිටිනම් ඔවුන් අත්අඩංගුවට ගැනිමසදහා කටාන පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here