මිගමුව මහානගර සභාවට අයත් කොටුව පිට්ටෙනිය ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරයේ වහලය සම්පුර්ණයෙන්ම බිමට කඩාවැටී ඇත.
මෙම ක්‍රීඩාගාරය අබලන් තත්වයේ පවතින බව අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නද ඒසදහා බලධාරීන්ගේ අවධානයක් යොමු නොවුනි.
මේවනවිට ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු ඉතාමත් දුර්වල මට්ටමක පවතින අතර මාස කිහිපයකින් තණකොළ කපා නැතිනිසා තෘණ පැදුරුතුල විසකුරුඋරගයන් සිටිය හැකිබවට ජනතාව සැකපළකරයි .
මේ නිසා මෙහි ක්‍රීඩා කටයුතු පුහුණු වන නිව්ස්ටඩ් බාලිකා විදුහලේ සිසුවියන් ඇතුළු ක්‍රීඩාංගනය භාවිතා කරන සියලුදෙනාට දැඩි අවධානමකට මුහුණ දීමට සිදුව ඇත.