29 C
Negombo
29 C
Negombo

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට

-

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  වෙත (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.

පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් කරනු ලැබීය.

කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරේ. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, සෙසු සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී. හේරත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.