අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමට සුදානම් වෙමු

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීම කෙරෙහි අවදානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ  දැනුම්දෙයි .

උෂ්ණත්වය වැඩිවීම නිසා වැඩි අවදානමට ලක්වන පිරිස ලෙස කුඩා ළමුන්, වැඩිහිටි අය, දිගුකාලීනව හෘද රෝග, නොයෙකුත් නිදන්ගත රෝග වැනි රෝගාබාධවලින් පෙළෙන අය සහ එළිමහනේ රැකියාවල නියැලෙන අය හඳුනා ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝගවල උත්සන්න විමක් අැති වීමට ඉඩකඩ ඇත.

මෙම අධික උෂ්ණත්වය නිසා විශේෂයෙන්ම ආතතිය (Heat Stress), මස් පිඩු පෙරලීම (Heat Cramps), සිහි මූර්ජාව (Heat Stroke), ඇතිවීමට ඉඩකඩ ඇත.

මෙවැනි අවස්ථාවලදී සියලු ක්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, මස් පිඩු පෙරලෙන ස්ථාන මත සිහින් පීඩනයක් යෙදීම, අධික දහඩිය දැමීම, ශරීර අප්‍රාණික බව, පිපාසය හෝ ක්ලාන්තය වැනි තත්ත්වයක් ඇතිවේ නම් ඇඳුම් බුරුල් කර පවන් සැලීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් මරණයට පවා පත්ව ඇති නිසා මෙම උවදුරෙන් මිදීම සඳහා දිගුකාලීන මෙන්ම කෙටිකාලීන පියවර අනුගමනය කළ යුතුවඇත

කෙටි කාලීව විසඳුම් අතර නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම වතුර වෙනුවට ආදේශකයක් ලෙස භාවිත නොකිරීම, එළියට යනවිට කුඩයක් පාවිච්චි කිරීම, දෛනිකව වැඩිම උෂ්ණත්වයක් පවතින කාල පරාසයේදී (පෙ.ව.11.00 – ප.ව.3.00 ) අතර තොප්පියක් පාවිච්චි කිරීම, සැහැල්ලු කපු ලා පැහැති ඇඳුම් පාවිච්චි කිරීම, අවදානම් කණ්ඩායම් අවදානමක සිටී නම් ප්‍රථමාධාර ලබා දීම සහ තව දුරටත් අවදානම පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ආදිය හැඳින්විය හැක.

දිගුකාලීන විසඳුම් ලෙස මෙම අවදානම් තත්ත්වය හමුවේ ජල උල්පත් සිඳීයාමට ඉඩ ඇති හෙයින් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින්, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අවම කරමින් විදුලිබලය අවම මට්ටමකින් පාවිච්චි කිරීම, කුණු පුළුස්සා දැමීම වෙනුවට ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීම, අත්‍යාවශ්‍ය විධියට සම්පත් පාවිච්චි කරමින් සම්පත් නාස්තිය අවම කිරීම තුළින් මෙම උවදුරට තරමක් දුරට හෝ විසඳුමක් ලබා ගත හැකි බවට හඳුනා ගෙන ඇත.

මෙහිදී ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට පිළිතුරු දීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 0710107107 යන දුරකථන අංකයට අමතන ලෙසත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මඟින් භාෂා 3 න්ම මහජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදි මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img