31 C
Negombo
31 C
Negombo

  නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් රුපියල් 2500 කට

-

ජලසම්පාද මණ්ඩලයෙන්  නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවියයුතු මුල්  ගෙවීම රුපියල් 8000 සිට රුපියල් 2500 දක්වා අඩුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණයකල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති  මාධ්‍ය හමුවේදී අමාත්‍යවරය මේබව පැවසිය.

ජනගහනයෙන් 41 % කට පිරිසිදු පානීය නලජලය ලබාදෙනබවත් සාමන්‍යයෙන් වර්ෂයකට ලබාදෙන අලුත් නල ජල පහසුකම් ප්‍රමාණය 110000  මෙවසරේදී  150000 දක්වා වැඩිකිරීමට කටයුතු කරනබවද රුපියල් 2500 ක් මුල්ගෙවිම  කර  නවජල සම්බන්ධතාවයක් ලබාගන්නා පාරිභෝගිකයන්ට ඉතිරි මුදල වන රුපියල් 17500  වාරික 12 කින් මාසික ජලබිල්පත සමග ගෙවීමට පහසුකම් සලසා ඇතිබවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.