වසරකට පසු නිමල් ලාන්සා මිගමුව සංවර්ධන කමිටුවේ මුලසුන ගනී

-

අස්වැසුම ප්‍රතිලාභ සුදුස්සන්ට ලබාදී නුසුදුස්සන් ඉවත්කිරීමට රජය ප්‍රතිපත්තිමය තිදුවක් ගෙන ඇතිබවත් එමගින් නියම සුදුස්සන්ට වැඩිපුර මුදලක් ලබාදීමට හැකිවනබ්වත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසිය.
තමන්ගේ නමින් විරෝධතා ඉදිරිපත්කර ගැටුම් ඇතිකර ගැනීමට ඇති අකමැත්ත විරෝධතා අඩුවීමට හේතුව බවත් සමුර්ධිය ලබාගත් පිරිසට වැඩිපිරිසක් අස්වැසුම සදහා ඉල්ලුම් කිරීමෙන් සහ අභියාචනා ඉදිරිපත් කර තිබීමෙන් පෙන්යන්නේ නුසුදුස්සන් පිරිසක්ද මෙම ඉල්ලුම් කරුවන් අතර සිටීම බවත් එම අය ඉවත්කිරීම සදහා විරෝධතා ලබාගැනීම වෙනුවට විකල්ප ක්‍රමයක් යොදාගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී රැස්වුයේ වසරකට ආසන්න කාලයකට පසුව වීමද විශේෂත්වයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here