කටානේ ගිනිඅවි කම්හලක්

කටාන පොලිස් වසමේ කටියල ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය අනවසර  ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු මෙරට නිෂ්පාදිත ගිනි අවිතුනක්   විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක දසනායක නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වල සගවා තිබියදී සොයාගත් මෙම ගීනිඅවි අතර විදේශීය රටක නිශිපාදිත රිවෝල්වරයක් මෙරට නිෂ්පාදිත ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කොටන තුවක්කුවක් බදින තුවක්කුවක් සහ රිවෝල්වරයක කොටසක් තිබු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් සහ ගිනිඅවි නිෂ්පාදනය සදහා භාවිතාකලබවට සැකකරන  ග්‍රයින්ඩර්යක්  ඩ්‍රිල් මැසිමක් ඇතුළු උපකරණද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනා දෙමස්සිනාලා බවත් මොවුන් විසින් ගිනි අවි නිපදවා වෙනත් පුද්ගයන්ට   අලවිකර ඇත්නම් ඔවුන් හදුනා ගැනීමට සහ ඒවා අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදු කිරීමට  හෙට 18 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

Hot this week

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

Topics

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img