ශ්‍රී ලාංකික තරුණියක් එක්සත් රාජධානියේදී ඝාතනයට ලක්වෙයි

(සටහන ඉමායා සත්සරණි)

එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හී ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

South Wales පොලීසිය පවසා ඇත්තේ මිය ගිය තරුණිය 32 හැවිරිදි දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල ලෙස හඳුනාගෙන ඇති බවය.

පසුගිය අගෝස්තු 21 වනදා පෙරවරු 7:37 ට හදිසි සේවා වෙත ලැබුණු දුරකථන ඇමතුමක් මත රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලීසිය කැඳවා තිබෙන අතර එහිදී බරපතළ තුවාල සහිතව වැටී සිටි තුවාලකාරිය සොයාගෙන තිබුණි.

සෞඛ්‍ය අංශ විසින් අපරාධය සිදුවූ ස්ථානයේදීම ඇයට ප්‍රථිකාර ලබා දුන්නද රෝහලට රැගෙන යාමට ප්‍රථම ඇය එම ස්ථානයේදීම මියගිය බව පොලීසිය සඳහන් කර තිබේ.

සිදුවීමට සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඊට ආසන්න ප්‍රදේශයකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මියගිය තරුණිය හඳුනන අයෙකු බව අනාවරණය වී තිබේ.

සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන අතර සැකකාර අපරාධකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා අපරාධය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදුවෙමින් පවතී.

එරට පොලීසිය වැඩිදුරටත් පවසන්නේ නිරෝධා කල්පනීගේ ඝාතනයට සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි තිසර වේරගල ලෙස හඳුනාගෙන ඇති බවත්ය.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img