රනිල්ගේ හදවතේ ධමනි හතරෙන් තුනක් අවහිර වී ඇති බව නීතිඥවරු විසින් අධිකරණයට දැනුම්දෙයි

(සටහන නිපුණ විජයසිංහ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට විභාග වෙමින් තිබෙනවා.

එහිදී, ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින්, ප්‍රථමයෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.

මේ සම්බන්ධව සිදු කළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින්, ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදු කළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපති නීතිඥ තිලක් මාරපන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි හතරෙන්, තුනක් අවහිර වී ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, හිටපු ජනාධිපතිවරයා කලක පටන් වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මියයාමක් මෙන්ම පෙණහලු ආසාදනයක්ද මේ වන විට පෙන්නුම් කරන බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ වන විට නීතිඥවරුන් තවදුරටත් කරුණු දක්වමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img