පද්මෙව අත්අඩංගුවට ගත්තේ චමුදිත ගත්ත වීඩියෝ කෝල් එක නිසාද ?

 

  1. රටේ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවත අද උදෑසන මාධ්‍ය මගින් වාර්තා කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් අයෙක් වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිටුපස මෙරට සිටින ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ද සහාය ලැබී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යයේ පුවතක් හුවමාරුවෙමින් පවතිනවා.

ඊට හේතුව නම් මීට පෙර මෙම ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පත්මේ සහ කාන්ඩෝ සලින්ත යන පුද්ගලයින් දෙදෙනා විදෙස් රටකදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවට ප්‍රවෘත්තියක් පැතිර ගිය විටදී, චමුදිත සමරවික්‍රම මහතා විසින් යූටියුබ් නාලිකාවක මෙහෙයවනු ලැබූ වැඩසටහනක් අතරතුරදී කෙහෙල්බද්දර පත්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පුද්ගලයින් දෙදෙනා දුරකතන මාර්ගයෙන් සජීවීව සම්බන්ධ කරගෙන තමන් එලෙස අත්අඩංගුවට පත්ව නොමැති බව පැවසීමේ ආන්දෝලනාත්මක කතාබහයි.

මෙලෙස චමුදිත සමඟ දුරකතන මාර්ගයෙන් සජීවීව සම්බන්ධ වෙමින් සිදු කළ ආන්දෝලනාත්මක කතාබහ සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වන පුවතක් බවට පසුගිය කාලයේ පත්වුණා

එවන් වටපිටාවක අද දිනයේ මෙලෙස ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිටුපස මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ සහාය ලැබී ඇති බවට පුවතක් “චමුදිත සමරවික්‍රම” යන ෆේස්බුක් ගිණුමක් හරහා අනාවරණය කර තිබේ.
එමගින් ප්‍රකාශ ඇත්තේ පහත ආකාරයටයි.

උපුටා ගැනීම:

මගේ 30 වසරක මාධ්‍ය ජීවිතයේ කවදාවත් මූලාශ්‍රයක් හෙළි කරල නෑ. ඒත් රටේ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් ඒ දේ කරා. ඊයෙ පද්මෙ එක්ක කරපු වීඩියෝ කෝල් එකේදි ජනේලයෙන් පිටත පෙනුන දර්ශනයක් ජකාර්තාවල රැඳී හිටපු අපේ CID නිලධාරින්ට දුන්නා. පැයක් යන්ඩ කලින් ජකාර්තා පොලිසිය අදාල ගොඩනැගිල්ල හඳුනාගෙන වැටලීමක් කරා.
තවත් කතාවක කොටසක් ඒ විදිහට නිමා වුණා. අපි බලමු ඉදිරියට වෙන දේ.”

උපුටා ගැනීම අවසන්:

චමුදිත "පද්මේ" එක්ක කරපු වීඩියෝ කෝල් එකේ දර්ශනයකින් පසු අත්අඩංගුවට ගත්තලු-සමාජ මාධ්‍ය උණුසුම් කරන පුවත ගැන චමුදිත "විගසට" කියු දේ(Exclusive)
චමුදිත “පද්මේ” එක්ක කරපු වීඩියෝ කෝල් එකේ දර්ශනයකින් පසු අත්අඩංගුවට ගත්තලු-සමාජ මාධ්‍ය උණුසුම් කරන පුවත ගැන චමුදිත “විගසට” කියු දේ(Exclusive) 3

කෙසේවෙතත් මෙලෙස ප්‍රචාරය වන පුවත සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගෙන් විගස ප්‍රවෘති අංශයේ අප විමසීමක් කළේ ය.

එහිදී චමුදිත සමරවික්‍රම මහතා අප සමග කියා සිටියේ තමන්ට එවැනි කිසිදු ෆේස්බුක් ගිණුමක් නොමැති බවත්, එලෙස තමන්ගේ නමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් ගිණුමක් හරහා කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම පුවත ප්‍රචාරය කර ඇති බවයි.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් තමන්ගේ ජීවිතයට අනතුරක් කිරීමේ අරමුණින් සිතාමතාම මෙලෙස තමන්ගේ නම අවභාවිතා කරමින් මෙම ව්‍යාජ පුවත ප්‍රචාරය කර ඇති බවයි.

ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ තර්ජනයන් පැවති පසුබිමක මෙලෙස තමන්ගේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් ගිණුමක් හරහා සිදු කරනු ලබන මෙවැනි ප්‍රචාරය කිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් කරමින් ඉදිරියේදී ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බව ද චමුදිත සමරවික්‍රම මහතා විගස ප්‍රවෘත්ති සමඟ වැඩිදුරටත් කියා සිටියේ ය.

මෙරට සිදුවන විවිධ ගණයේ දරුණු වංචා, දූෂණ ,අපරාධ සම්බන්ධයෙන් නොබියව කතා කරන මාධ්‍යවේදීන්ගේ ජීවිත තර්ජනයට ලක්කරන්නට කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීම මෙරට ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරයේ ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් බව විගස ප්‍රවෘත්ති අංශයේ අප යළි යළිත් මතක් කර දෙන්නෙමු.

You May Like This Video

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img