(සටහන නිපුණ විජයසිංහ සහ ඉමායා සත්සරණි)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, එතෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණ තිබුණා.





