(සටහන ඉමායා සත්සරණි)
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව, මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක් ද මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.






