සැකකරුවන් 23 ක් රක්ෂිත බන්ධනාගාරයට

කෝටි 110ක් වටිනා කුෂ් සහ හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ රදවාගෙන ප්‍රශ්නකරනු ලැබු,

මාලිගාවිල ස්වර්ණාලොක හිමි.,ගල්වත්තේ සුනන්ද හිමි,.මාදලේ රාහුල හිමි,ඇතිමලේ සුභෝධාලංකාර හිමි,දම්මල ගුණානන්ද හිමි,පන්නල අමරබුද්ධි හිමි,මාරඹ ජෝති රතන හිමි,හදගනාවේ නන්දරතන හිමි,දෙමටනාවේ මහානාමතිලක, හිමි’පොතුපිටියේ සමිත හිමි,මහවඩුගේ සද්ධානන්ද හිමි,නිකපොත සුමනරක්ඛිත හිමි,වාහල්කඩ අරියරක්ඛිත හිමි,රණාලේ ඤාණතුසිත හිමි,හිදිගහවත්තේ සීලරතන හිමි.නුගගොල්ලේ පවරසිරි හිමි,ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි,ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි,.සියඹලාපේ අමිතරංසි හිමි,අකුරැස්සේ ජිනරතන හිමි,රිදීඇල සුමනරතන හිම්,බුල්ගල්ලේ ජිනානන්ද හිමි,අගුණුකොලේ අමිතානන්ද හිමි

යන සැකකරුවන් 02 දින ඊයේ පස්වරුවේ  මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී ඔවුන් සියලු දෙනා මැයි මස 12  වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් ඉදිරිපත් කරමින් අධිකරණයහමුවේ  කරුණු දැක්වූ   උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකුමාර දයාරත්න නැමති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 5/12 දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන ඇතිබවත් . එම සැකකරු පවරා ඇති නඩු 22කෙහිම තුන්වන සැකකරු ලෙස නම් කරන බව සඳහන් කළේ ය. එලෙසම මෙම නඩුවේ සැකකරුවකු වන අගුණකොලේ අමිතානන්ද හාමුදුරුවෝ මෙහෙයවනු ලැබුවේ යැයි කියන අඹගස්මුල්ලේ පුන්‍යරතන නම් වු හික්ෂුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් උන්වහන්සේ සැඟව සිටින බවත් සඳහන් කළේ ය. එම භික්ෂුව මෙම නඩු වල 4 වන සැකකරු ලෙස නම් කරන බවද අධිකරණය හමුවේපැවසිය.

තායිලන්තය බලා ගිය භික්ෂුන් වහන්සේලාට 22 ට නවාතැන් පහසුකම් සඳහා හෝටල් ලබා දි එරට සිට සිද්ධිය මෙහෙය වු බෙල්පිටියේ දම්මරක්කිත නෙහොත් දම්ම නැමැති භික්ෂුද අත්අඩංගුවට ගැනීමට සඳහා විමර්ශන සිදු කරන බවත් උන්වහන්සේමෙම  නඩුවල 5 වන සැකකරු ලෙස නම් කරන බවද විමර්ශන නිලධාරී  උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා දන්වා සිටියේය

. 4/25 වැනිදා චිවරදාරින් 22 දෙදෙනා ලංකාවට එන විට ගමන් මලු සකසා දී ඇත්තේද මෙම දම්ම නැමති හාමුදුරුවෝ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

චන්ද්‍රකුමාර දයාරත්න නැමති පුද්ගලයා රුපියල් ලක්ෂ 50ක් පුන්‍යරතනනම් වු හික්ෂුව ලබා දී  තියෙනවා, ඒ මුදලින් රුපියල් ලක්ෂ 32ක ට ගුවන් ටිකට් පත් අරන් තියනවා,ඉතිරි මුදලින් ගමන්මලු ගබඩා කර තැබීම සඳහා බත්තරමුල්ලේ නිවසක් කුලියට අරන් තියෙනවා. මීට පෙර අවස්ථාවේ ද මාලබේ නිවසක් අරන් ඒ ආකාරටය පැමිණි 12: දෙනාගේ ගමන්මලු ගබඩා කරලා තියනවා.

මීලග නඩු වාරයෙදි එනම් 5/12 දින චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දැනට අත්අඩංගුවට ගෙන නැති අඹගස් මුල්ලේ පුන්‍යරතනට සහ බෙල්පිටියේ දම්මරක්කිත යන අය විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ඉල්ලා සිටිඅතර ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය එම ඉල්ලිම් සදහා  අවසර ලබා දුන්නාය.

මෙම නඩුවේ වැඩිදුර විභාගය සදහා මෙම මස 12 දිනට දින නියම විය.

 

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img