පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලදකටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ  පිහිටා ඇති පිල්ලවත්ත වැවේ වත්මන් තත්වයයි

මෙම වැව පිළිසකර නොකර තිබීම  සම්බන්ධයෙන්  අප විසින් සොයා බැලීමක් සිදුකල අතර වැවේ අයතිය පුරා විද්‍යා  කෘෂිකරම දෙපාරමේන්තුව ඇතළු ආයතන කිහිපයකට අයත්බවද ප්‍රදේශයේ ගොවිසමිතියක කුඩා කණ්ඩායමක්   මැදිහත්වී වැවේ සංවරධන කටයුතු සිදුකිරිමට ඉඩනොදෙන බවද ප්‍රදේශ වාසින් පවසති.

මෙම අවහිර කිරීම පිටුපස පරාජිත දේශපාලනඥයන් පිරිසක් සිටිනබවද දැනගන්නට ඇත. එම කණ්ඩායම විසින් පිල්ලවත්ත වැවේ ඇති ජල පෝෂක විලක් වන ඇබිල්ලවෙල දිය පොකුන  ගොඩකර ක්‍රීඩා පිටියක් තැනීමටත් වැවු රක්ෂිතය කපා වැව විශාල කරන මුවාවෙන් රක්ෂිතයේ ඇති වැලි සහ පස් ජාවාරම් කිරීමට උත්සාහ කරන බැවින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇති බහු කාර්‍ය ව්‍යාපෘතියට මෙම කුඩා කණ්ඩායම දිගින් දිගටම බාදා ඇති කරමින් සිටිනබව විජය ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් පවසති.

මෙපිලිබදව ප්‍රදේශය නියෝජනයකරන ජාතික ජනබලවේගය පක්ෂයේ කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාරසිරි ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කල අතර එහිදී අනාවරණය වූ තොරතුරු අනුව පිල්ලවත්ත වැව පෝෂණය වන්නේ අහස් දියෙන් {වැසිජලයෙන් ) වනඅතර වැවට ඉහල ප්‍රදේශයේ  වැසිජලය එක්රැස්වූ ඇබිල්ලවෙල දිය පොකුන වෙන්දේසි ඉඩමක පොදු කොටස ලෙස වෙන්කර ඇති අතර එහි කොටසක්ද මේවනවිට ගොඩකර ඇත.

මෙම වැව ආසන්නයේ තිබෙන හෝටලයක එකතුවන  අපජලය බටමගින් වැවට බැහැර කරමින් තිබු අතර ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ එම නීති විරෝධී ක්‍රියාව නතර කිරීමට කටයුතුකර ඇත.

හෝටලය සමග ඇති කිසියම් බැදීමක් හේතුවෙන් මෙම අනීතික කටයුත්තට අනුග්‍රහය ලබාදුන්  පරාජිත දේශපාලකයන් පිරිසක්  උරණ වීම සිටීන අතර   වසර 40 හකට අධික කාලයක් මෙම වැවු පිටියේ ක්‍රීඩාකළ  විජය  ක්‍රීඩා සමාජයට එම ස්ථානය අහිමි කිරීමේ  සැලසුමක්ද ඇත.

පුද්ගලික න්‍යාය පත්‍රවලට අනුව සොරෝවුව උස්කිරිම නිසා මහා වැසි ඇතිවන කාලවලදී ඇබිල්ල වෙල සහ පාරවල් යටවේ..

වැලිපස් ජාවාරම සදහා මෙන්ම වැවේ ඇතැයි ජනවහරේ ඇති නිධානයක් පිළිබද ඇති විශ්වාශය ඉලක්ක කරගනිමින් වැවුපිටිය හැරීම සදහා උත්සාහ කරනබවට ප්‍රදේශවාසින් අතර කතාබහක්ද නිර්මාණය වී ඇත.

පරිසරයට ආදරය කරන වෙබ්අඩවියක් ලෙස මෙම වැව පිලිබදව සත්‍ය කරුණු ජනතාව වෙත රැගෙන යාමටත් මෙම වැව සහ ඒ අවට ප්‍රදේශය තිරසර පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම සදහා සංවාදයක් ඇතිකිරීම සදහා මෙම තොරතුරු පලකරන අතර මෙම සංවාදය සදහා එකතුවන ලෙස වැව පිලිබදව උනන්දුවක් දක්වන සියලු දෙනාට විවෘත්ත අරධානාවක් කරමු.

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img