සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස මහාසභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් නොකිරීමට විරෝධය දක්වමින් මිගමුව මහානගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක්  මහා සභාව වරජනය කර සභාශාලාවෙන් පිටව ගියේය.

මෙතෙක් කලක් මිගමුව මහානගර සභාවේ පාලක පක්ෂය වන ජාතික ජනබල වේගය සමග එක්ව කටයුතුකළ ඩිෂාන් මෙන්ඩිස් මන්ත්‍රීවරයා ද සභාව වරජනය කල මන්ත්‍රී කණ්ඩායමට එක්ව සිටීම විශේෂත්වයක් විය.

නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව මහා නගර සභාවේ ඔක්තෝම්බර් මස මහා සභා රැස්වීම නගර සභාවේ රැස්වීම ශාලාවේදී 8 දින පෙරවරු 10.00 ට ආරම්භ විය.

න්‍යාය පත්‍රයට කිසිදු යෝජනාවක් හෝ විමසනලද ප්‍රශ්න ඇතුලත්ව නොතිබුණු අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් යතාපරිදි කල්දී ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සහ යෝජනා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට කටයුතු නොකිරීම පිලිබදව විරෝධය දක්වමින් ප්‍රකාශයක් කල සමගිජනබල වේගයේ දිලිනි ජයකොඩි මන්ත්‍රීවරිය.

විපක්ෂයේ  මන්ත්‍රීවරුන්ගේ යෝජනා මහා සභාවට ඉදිරිපත් නොකිරීමට විරෝධය දැක්වීමක් වශයෙන් අදදින සභාව වරජනය කරන බව පවසමින් මහා සභාවෙන් පිටව ගිය අතර පසුව මේ පිලිබදව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් පලකල ඩිෂාන් මෙන්ඩිස් මන්ත්‍රීවරයා තමන් වසර එකහමාරක් පමණ ආණ්ඩු පක්ෂයට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදුන් බවත් ජනවරමෙන් අයුතු ප්‍රයෝජන ගන්නාබව පෙනීගිය නිසා ආණ්ඩු පක්ෂය  සමග තිබු දිගය අවසන් කරන බවද පැවසිය.

මෙහිදී අදහස් පලකල සමගි ජනබලවේගයේ  දිල්නි ජයකොඩි මන්ත්‍රිවරිය තමන් යථා පරිදි කල්දී ඉදිරිපත්කල ඉදිරිපත්කල   ප්‍රශ්න සහ යෝජනා මෙවරද මහා සභාවේ න්‍යායපත්‍රයට ඇතුලත්කර නොතිබුණු බවද එමනිසා දිගින් දිගටම සිදුවන මෙම අසාධාරණයට එරෙහිව සභාව වර්ජනය කිරීමට තීරණය කල බවද පැවසියක්.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගය පක්ෂයේ සියලුම නාගරික මන්ත්‍රීවරු එක්විය.

දිලිණි ජයකොඩි මන්ත්‍රීවරිය විසින් යෝජනා සහ ප්‍රශ්න න්‍යායපත්‍රයට ඇතුලත් නොකිරීම පිලිබදව  මහා නගර සභාවේ ලේකම්  වෙත යොමුකළ  ලිපියක පිටපත්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කල ඒවා යේ උපුටා ගැනීම ද මේසමග පලකර ඇත.

උපුටාගැනීම

ලේකම මිගමුව මහානගර සභාවමිගමුව

මහාසභා රැස්වීම් සදහා යථාපරිදි කල්දී ඉදිරි පත්කරනු ලබන ප්‍රශ්න සහ යෝජනා

මහාසභාවේ න්‍යාය පත්‍රයට හිතාමතා  ඇතුලත් නොකිරීම

මේසමග ඇමුණුම 01 ලෙස යාකර ඇති  2026.8.24 දිනැති මා විසින් යථාපරිදි කල්දී ඉදිරිපත්කල ප්‍රශ්න මෙවරද න්‍යාය පත්‍රයට ඇතුලත් කර නොමැතිබව ඔබ විසින් මා වෙත එවනලද මේ සමග ඇමුණුම 02 වශයෙන් යාකර ඇති 2026.09.30 දිනැති ලිපියෙන් දන්වා ඇත.මෙම ලිපියේ සදහන් කරුණු අනුව ඇමුණුම 01 හි සදහන් ප්‍රශ්නවල පවතින තාක්‍ෂනික දෝෂයක් හේතුවෙන් මෙවර න්‍යාය පත්‍රයට ඇතුලත් කල නොහැකි බව දන්වා ඇත

එම දෝෂයන් නිවැරදි කරදෙන්නේනම් ඊලග මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට සලකා බැලීමට හැකිබවද දන්වා ඇත.

ඔබ විසින් කල්දී ඇති ප්‍රශ්න යන සිරසින් 2026.09.04 දින  මා වෙත එවන ලද ලිපිය   ඇමුණුම 03 ලෙස මේසමග යාකර ඇත එහි සදහන් වන්නේ අදාළ අංශවලින් මෙතෙක් පිළිතුරු ලබානොදීම නිසා  න්‍යාය පත්‍රයට ඇතුලත් කල නොහැකිබවයි.

මිගමුව මහානගර සභාව වැනි ආයතනයක වැඩ බලන ලේකම් වශයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙකු වන ඔබ විපක්‍ෂය විසින් ඉදිරිපත්කරන යෝජනා සහ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කිරීම හිතාමතාම අවහිර කරනබව පෙනෙන්නට ඇත.

ප්‍රශ්න ඉදිරිපත්කිරීමට ඇමුණුම 03 හිසදහන් අදාළ අංශවලින් මෙතෙක් පිළිතුරු ලබානොදීම නිසා යන හේතුව ඇමුණුම 02 හිදී තාක්‍ෂනික දෝෂයන් ලෙස මාරුකර ඒවා නිවැරදි කර ඉදිරිපත් කරනලෙස දන්වා ඇත ප්‍රශ්නයේ තාක්ෂණික දෝෂකිසිවක් නොමැති අතර තාක්ෂණික දෝෂ ඇත්නම් ඒවාද මෙම ලිපියේ සදහන් කලයුතුය ලිපිවලට අත්සන් තැබීමේදී ඔබ වගකීමකින් කටයුතු නොකරන බව මේ අනුව පෙනීයන කරුණකි.

නාගරික මන්ත්‍රීවරුන් ඉදිරිපත්කරන යෝජනා ,ප්‍රශ්න බාරගැනීමට පෙර ඒවායේ ඇති අඩුපාඩු වේනම් ඒවා නිවැරදි කර බාරගෙන  සභාවට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමද ඔබගේ වගකීමකි.

ඔබ විසින් අප ඉදිරිපත්කරන මහජන පෙත්සම් ආදී ලේඛන සභා වාර් තාව සමග අමුණා නොමැති අවස්ථාද නිරීක්ෂණය වී ඇත.

ම විසින් අසනලද ප්‍රශ්න පසුගිය  පාලන සමයේ සිදුවූ දුෂිතක්‍රියා  සම්බන්ධයෙන් වනඅතර එම දුෂිත හා නීතිවිරෝධී  කටයුතු හෙළිදරවු වීමට සහ ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සදහා  ප්‍රශ්න ඇසීම වැළැක්වීමට කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේදැයි  සැකයක් ඇතිවීමද වැළැක්විය නොහැකි කරුණකි.

මේ සියලු කරුණු අනුව පෙනීයන්නේ ඔබ විසින් ආණ්ඩු පක්ෂයේ නොවන මන්ත්‍රීවරුන්ගේ මහජන සේවාවන්  සදහා හිතාමතාම බදා කරන බවයි.එම නිසා ආණ්ඩුකාරවරයාට මෙන්ම පළාත්පාලන කොමසාරිස් නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු නිලධාරීන් වෙත ඔබගේ ක්‍රියාකලාපයන් පිලිබදව පැමිනිලි කිරීමට කටයුතු කරනබවද දන්වා සිටිනු කැමැත්තෙමි.

මෙම ලිපියේ පිටපතක් මාධ්‍ය වෙත  නිකුත්කිරීමට කටයුතු කරනබවද දන්වනු කැමැත්තෙමි

දිලිණි ජයකොඩි නාගරික මන්ත්‍රීමිගමුව මහානගර සභාව2026.10.05

උපුටා ගැනීම අවසන්

 

 

 

Hot this week

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img