මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපිත කරනලද සී.ටී. ස්කෑන් (CT scan) යන්ත්‍රයක නිල වශයෙන් බාරදීම සහ නවීකරණය කරන ලද අක්ෂි සායන ගොඩනැගිල්ල විවෘත්ත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 07 දින මීගමුව රෝහල් පරිශ්‍රයේදී සිදුවිය
රුපියල් මිලියන 200 කට ආසන්න (රුපියල් කෝටි 20 ක් පමණ) වටිනාකමකින් යුත් මෙම නවීන සී.ටී.ස්කෑන් යන්ත්‍රය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මීගමුව රෝහලට ලබා දී ඇත.
මාසයකට 100 කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සී.ටී. ස්කෑන් පරීක්ෂණ සඳහා රාගම රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට සිදුකෙරිණි.
එමෙන්ම . සීදූව ,සුපුවත්අරණ දෙව් මැදුරේ අධ්‍යක්ෂක, ගරු ඩැරල් කූඤ්ඤ පියතුමාගේ මගපෙන්වීම යටතේ මිලියන 30 ක පමණ මුදලක් වැයකරමින් නවීකරණය කරනලද අක්ෂි සායන ගොඩනැගිල්ල යලි රෝගී සත්කාර සේවාව සදහා එක්කිරීම ද අමාත්‍ය තුමා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය
.





