මිගමුව මහා නගර සභාව එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය කරගත නොහැකි අසාර්ථක නගර සභාවක් බවට පත්ව ඇතිබව ඩිල්ෂාන් මෙන්ඩිස් නාගරික මන්ත්රීවරයා පවසයි.
ඔහු මේ බව ප්රක්ෂකලේ19 දින ඔහුගේ දේශපාලන ක්රියාකාරීන් පිරිසක් සමග කුරණ දී පවත්වන ලද මාධ්ය හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් මාධ්ය වෙත අදහස් පලකල නාගරික මන්ත්රීවරයා
2026 වසර සදහා නගරාධිපති වරයා ඉදිරිපත්කල අයවැයට පක්ෂව ජන්දය ලබාදුන්නා එසේ කලේ අලුත් දේශපාලන සංස්කෘතියක් සමග රාජ්ය යාන්ත්රනය සමග එක්ව කටයුතු කර ජනතාවට නගර සභාවෙන් ලැබියයුතු සේවා ලබාදීම සදහා සදහා දායක වීමටයි
අයවැය අනුමතවී මේ වසරේ මාස 10 ක් ගෙවීගියත් අයවැයේ සදහන් සංවර්ධන කටයුතු ඉටුවන බවක් පෙන්න නෑ නව අදායම් උත්පාදන සදහා කිසිදු වැඩ පිළිවෙලක් නෑ පචකියමින් කාලය ගෙවා දමනවා.
කුරණ මේජර් රාජ් ක්රීඩාංගනයේ ළමා උද්යානයේ තිබුණු ක්රීඩා උපකරණ මේ පාලකයන් විසින් ගලවා ඉවත්කලා කුරණ මාතෘ සායනය අලුත්වැඩියා කරන්න ලක්ෂ 84 ක් වෙන්කළා තවම අලුත්වැඩියා කරලා සායනය විවෘත්ත කරන බැරිවුනා මව්වරුන් මෙනිසා දැඩි අසීරුතාවයකට පත්වෙලා.මේවා ගැන මේ පාලක පක්ෂයේ නාගරික මන්ත්රීවරුන්ට පෙන්නේ නෑ ඔවුන්ට වැඩකරන්න දන්නේ නෑ
අපි ජනතාවවෙනුවෙන් පෙනිසිටිනවා ඔවුන් වෙනුවෙන්දිගටම හඩ නගන බවද ඩිල්ෂාන් මෙන්ඩිස් නාගරික මන්ත්රීවරයා තවදුරටත් පැවසිය.





