ගීතිකා කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකුට කොරෝනා වෛරසයඅසාදනය වීම නිසා මිගමුව දළුපොත සිරකදවුර පාරේ වේල්ලක්කන්නි දේවස්ථානයේ පියතුමා සහ ගීතිකා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 54 දෙනකු ස්වයංනිරෝධායනයට යොමුකළ බව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි.
ගීතිකා කණ්ඩායමේ මෙම සාමාජිකාවන් දෙදෙනාගේ පියාට පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබී ඇතිඅතර එහි ප්‍රතිපල අනුව ඔහු ආසාදිතයෙකු බවට හදුනා ගෙන ඇත.
මේ අනුව ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිද සදහා සිදුකල පිසිආර් පරීක්ෂණ ප්‍රතිපල අනුව එම තිදෙනා ද ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත
මේ අනුව ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් වන දේවස්ථානයේ පියතුමා සහ ගීතිකා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 54 දෙනකු ස්වයංනිරෝධායනයට යොමුකළ බවත් ඔවුන් සදහාද පිසිආර් පරීක්ෂණසිදුකරනබව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පැවසිය.
එමෙන්ම මිගමුව කාමච්චෝඩේ බංකරය නමින් හදුන්වන වෙරළේ ගල්වැටිය මත තාවකාලික මඩු තුල දිවිගෙවන 45 හැවරදී කාන්තාවක් කොව්ඩ් 19 ආසාදිතයෙකු බව මිගමුව රෝහලේදී සිදුකල පිසිආර් පරීක්ෂණයකින් හදුනා ගෙන ඇත.
17 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායම හෙටදින පිසිආර් පරීක්ෂණයසදහා යොමුකරන බවත් අද 1 දින වනවිට මීගමුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 333 ක් බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය
[…] post දළුපොත සිරකදවුර පාරේ වේල්ලක්කන්නි දේ… appeared first on Negombo […]