කටානේ පස් මංකොල්ලය එජාපයේ ලක්‍ෂමන් මන්ත්‍රීගේ වැඩක් -අමුලික බොරුවක් දින 52 කේ ගේමක්

කටාන ජලයෝජනා ක්‍රමය සදහා ජලනල එලීමට ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වනපරිදි නතරකරනලෙස නන්ද විජරත්න ද සිල්වා සභාපතිවරයා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කටාන ව්‍යපෘති ඉංජිනේරුවරයාට උපදෙස්දෙයි .

ජලනල එළිම සදහා කානු කැපීපිමට ඉවත්කරන ලද පස් කියුබ් 100 ක පමන ප්‍රමානයක් බටහිර කළුවාරිප්පුව ප්‍රදේශයේ පෞද්ගලික පහත්බිමක් ගොඩකිරීම සදහා මුදලට විකුණ බවට ලැබුණු තොරතුරකට අනුව 10 දින එම ස්ථානයට කැදවූ ඉංජිනේරුවරයාට සභාපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

ජල යෝජනාක්‍රමය සදහා ඉවත්කරන පස් පොදු ස්ථානවලසංවර්ධන කටයුතු සදහා යොදාගතයුතු බවට ප්‍රදේශිය සංවර්ධන කමිටු තිරණයට පටහැනිව පස් කියුබ් එඅක් රුපියල් 3000 සිට 5000 දක්වා මිලගනන්වලට අලවිකරණ අතර මෙම වංචාව සිදුවනබව ව්‍යපෘති ඉංජිනේරුවරයා ටද ප්‍රසිද්දියේ පිළිගැනීමට සිදුවිය.

මෙම මහාපරිමාණ පස මංකොල්ලය පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටිනබවට චෝදනා කරන නන්ද විජරත්න ද සිල්වා සභාපතිවරයා ලක්‍ෂමන් ප්‍රනාන්දු පුල්ලේ ප්‍රාදේශීය සභාමන්ත්‍රීවරයා සහ ඔහුගේ ආධාර කරුවන් ඍජුව  සම්බන්ධව සිටින බවද මෙය මහබැංකු මංකොල්ලය වැනි එජාපයේ සුපුරුදු තවත් ප්‍රාදේශීය මංකොලයක් බවද පැවසිය.

දින 52 අන්ඩුකලයේ පස් මංකොල්ලයේ යෙදුනුපිරිස තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට අසත්‍ය ප්‍රචාර කරමින් මඩගහන බවද මාධ්‍ය සංදර්ශන නොපවත්වා පොලිසියේ පැමිණිලිකර වැරදිකරුවන් ට නිත්‍යානුකූලව කටයුතු කරනලෙස කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඔහුසමග එකතුවී තමාට මඩගහන අයට අභියෝග කරනබවද ලක්ෂමන් ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශකරයි.

මෙපිලිබදව අපකල ගවේෂණයේදී පස් ජාවාරමක් සිදුවන බවත් මේසදහා පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජ්ලසම්පාධන මණ්ඩලය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය භූවිද්‍යාහා පතල් කැනීමේ කාර්යාංශයේ ප්‍රදෙසිය ඉංජිනේරුවරයා   මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය  ද ප්‍රාදේශීය සභාව ද වගකිවයුතු බව අනාවරණය විය.

භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයේ ගම්පහ ප්‍රාදේශීය ඉන්ජිනේරුවරයා ගේ පැහැදිලි කිරීමට   අනුව ලොරි රථයෙන් රථයට දෙනිකව පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කලයුතුය එහෙත්  මෙම පස් ජාවාරම සිදුකරගෙන යනුලබන ජාවාරම් කරුවන් විසින් පස්  ප්‍රවාහන බලපත්‍රයක් ලෙස පෙන්වන ලිපියක ජයාපිටපත පස් ප්‍රවාහන බලපත්‍රයක් නොවන බව සනාථවන අතර මෙම ව්‍යාජ බලපත්‍රයෙන් පස් ප්‍රවාහනය කරන ලොරි රථ අත්අඩංගුවට නොගැනීම ගැටලුවකි.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ තීරණය අනුව අධීක්ෂණ කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජ්ලසම්පාධන මණ්ඩලය පළාත් මාර්ග සංවර්ධන අධිකාරියභූවිද්‍යාහා පතල් කැනීමේ කාර්යාංශයේ ප්‍රදෙසිය ඉංජිනේරුවරයා  මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය සභාව කටයුතු නොකිරීම පස් මපියාවට උඩගෙඩි දීමකි.

මේ පස් මංකොල්ලය  වැළැක්වීම සදහා හැබෑ අවශ්‍යතාවයක් තිබේනම් මේ ව්‍යාජ ප්‍රවාහන බලපත්‍රය පිලිබදව පොලිසියට ලිඛිතව පැමිණිලි කිරීම කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේ වගකීමකි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img