නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ ගෞරවය ආරක්ෂාකරමින් අදහස් ප්‍රකාශ කලයුතු බවත් මිගමුව මහනගර සභාවේ මෙම මස 10 දින පැවති  මහා සභා රැස්වීමේදී අවස්ථා කිහිපයකදී  නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට  නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතාට සිදුවිය.

එමෙන්ම කාලය ඉතාමත් වැදගත් බවත් අනවශ්‍ය  කරුණු කතාකරමින් කාලය තේරුමක් නැතිව නාස්ති කිරීම බරපතල අපරාධයක් බවද නගරාධිපති වරයා තවදුරටත් පැවසිය.

මිගමුව මහානගර සභාවේ මෙම මස මහසභා රැස්වීම පුරපති චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී පැවත්විණි.

දැනට පවතින වරිපනම් බදු ප්‍රතිශත 2027 වර්ෂය සදහා නොවෙනස්ව පවත්වාගෙන යාමට සහ 2021 සංවර්ධන සැලැස්මට අනුව  බිම් කොටසක   තිබිය යුතු අවම ප්‍රමාණය පර්චස් 10 සීමාව 2005 සංවර්ධන සැලැස්මේ තිබු පර්චස් 6 සීමාව නැවත  බලාත්මක කිරීමේ යෝජනා මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ඒකමතිකව සම්මත කරගනු ලැබිය.

මෙම යෝජනා පිළිබද පැවති විවාදයේදීනාගරික  මන්ත්‍රීවරුන් පලකල අදහස් කිහිපයක්ද පහත පළකර ඇත.

නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා

මීගමුවේ අද ඇති වෙළදපොල මිල අනුව පර්චස් 10 ක ඉඩමක් මිලදී ගන්න ලක්ෂ 150 ක් වත් අවශ්‍යයි සාමාන්‍ය ජනතාවට ඉඩමක් අරගෙන තවත් එවැනිම මුදලක් වැය කරලා නිවසක් හදාගැනීමේ හැකියාවක් නෑ  දැනට තිබෙන රෙගුලාසි නිසා පර්චස් 10 ට අඩු ඉඩම් සදහා ගොඩනැගිලි සැලසුම් අනුමත කරගන්න බැහැ. හැබැයි නිත්‍යානුකුල නොවන ආකාරයට බැංකුවලින් ණය ලබාගැනීම වැනි කටයුතු සදහා පර්චස් 10 ට අඩු බිම්කොටස් ව්‍යාජ ලෙස මුදල් ලබාගෙන අනුමැත කරදෙන කන්ඩායමක් සිටිනවා ඔවුන්ගේ එම කටයුතු අනුමත කරන සීමාව පර්චස් 6 දක්වා පහත දැමීමත් සමග නතර වෙනවා.

පර්චස් 6 සීමාව ඉහල දැමීමේ දුපත් ජනතාවගේ ඉඩම් අඩුමුදලට කුණු කොල්ලයට මිලදී ගැනීමේ  යටි අරමුණනෙන්  යයිද  සංගීත් පෙරේරා  මන්ත්‍රීවරයා පැවසිය .

නාගරික මන්ත්‍රී බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු

කොට්ඨාශයකට වෙන්කරලා තියෙන්නේ ලක්ෂ 9 ක් නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා නිසා විශාල බදුමුදලක් අහිමි වනවා මේ පිලිබදව අපට දිගින් දිගටම පැමිණිලි ලැබෙනවා නගර සභාවේ අදායම් අංශය මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතුයි කෝටි 20 ක් හිග වරිපනම් තියෙනවා නගර සභාවේ පාලනයට පිටින් සැලසුම් අනුමත කිරීම් වෙනවානම් නිලධාරීන් නගරාධිපති වරයෙක් සහ මන්ත්‍රී මණඩලයක් අවශ්‍ය නෑ.නිලධාරී ලජ්ජා වෙන්න ඕන

නාගරික මන්ත්‍රී  ටිරෝන් ඩිෂාන් මෙන්ඩිස්

අපි මහජනතාවගෙන් එකතුකරන බදුමුදල් වලින් පෙරලා ඔවුන්ට ප්‍රතිලාබ ලබාදිය යුතුයි ගියවසරේ 25/26 අයවැය යෝජනා ඉදිරිපත්කරමින්  අපි ප්‍රකාශ කලා තේමාවක් තිබුනා පිවිතුරු නගරයක් ඉසුරුමත් ජිවිතයක් කියල වරිපනම් අයවැයේ ප්‍රධාන අදායම් ප්‍රභවයක්.අපි මේ වනවිට අවුරුද්දෙන් මාස 9 ක් ගෙවා දමලයි තියෙන්නේ අපි බලන්න ඕන ඒ අරමුනට ගියාද  වරිපනම් බදු එකතුකරලා ගොඩගහගෙන තියාගෙන ඉන්නවද කියල කියල මම අයවැයෙන් කරපු තවමත් ක්‍රියාත්මක නොකරපු කරනා කීපයක් මතක් කරන්න කැමතියි  කුරණ මාතෘ සයනය, ගලිබවුසරයක් ටැක්ටර් දෙකක් බකට් ට්‍රැක්ටරයක්  මිලට ගැනීම,කැපුන් ගොඩ ,පලගතුරේ පෝරුතොට කුඩා වෙරළ උද්‍යාන හදන්න මේ කිසිවක් මේ වනතුරු කරලා නැහැ.

මේ සියලුම මන්ත්‍රීවරු බලන් ඉන්නවා වරිපනම් බදුවලින් පාරක් බෝකුවක් හදන්න. අවසානයේ වෙන්නේ අතිරික්තය ස්ථාවාර තැන්පතු දමා බලාසිටිම පමණයි යනුවෙන් නාගරික මන්ත්‍රී ටිරෝන් ඩිෂාන් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

නාගරික මන්ත්‍රී  දිලිණි ජයකොඩි

බදු මුදල් වැය කිරීමේදී නගරයේ වෙසෙන සියලු දෙනාට ප්‍රතිලාභ ලබිය යුතු උවත්  අද වනවිට එසේ සිදුනොවන බව පේනවා.

නාගරික මන්ත්‍රී  සජිත් මොහාන්

සංගීත් මන්ත්‍රී තුමා ගෙන එන ලද ඉඩම් පිළිබද යෝජනාවට සහයෝගය ලබාදෙනවා යෝජනාවක් ඉදිරිපත්කිරීම අපේ අයිතියක් කාරක සභාවල් නොවෙයි මහා සභාවයි උත්තරිතර

නාගරික මන්ත්‍රී  මොහමඩ්  නුස්රි

වසරින් වසර හිග වරිපනම් බදු ප්‍රමාණය ඉහල යනවා මේවනවිට ගිණුම් වල අනුව  හිග වරිපනම් ප්‍රමාණය කෝටි 20 ක් පමණ වෙනවා මේ මුදල් එකතුකර ගැනීම සදහා කටයුතුකළ යුතුයි.

නාගරික මන්ත්‍රී  මොහාන්  අබේසේකර

සංගීත් පෙරේරා මන්ත්‍රී තුමා ගෙනාපු ඉඩම් කොටස් අනුමත සීමාව වෙනස් කිරීම  ඉතාමත් හොද යෝජනාවක්  අපි සියලුදෙනා එකතුවී මෙම යෝජනාව ක්‍රියාත්මක කරගැනීම සදහා කටයුතු කල යුතුයි සෙල්බි පාරේ අනවසර මුදල් එකතුකිරිම පිලිබදව මම පුද්ගලිකව පුරවැසියෙක් ලෙස ම්ගමුව  පොලිසියේ පැමිණිල්ලක් සටහන් කලා  මේ කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙදියෙකුද පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපති මොහොමදු පසීර් ,  සුමිත් ප්‍රසන්න, ඇතුළු තවත් නාගරික මන්ත්‍රීවරු පිරිසක් මහා සභාවේදී අදහස් පළකළේය.

 

 

Hot this week

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img