උෂ්ණාධික කාලගුණයෙන් ආරක්ෂාවීමට වෛද්‍ය උපදෙස්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ තෑගී බෝග සහ නිවසට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකු නිවසින් බැහැර යති.

එලෙස වැඩි දෙනෙකු කඩ සාප්පු වෙත යන්නේ රට පුරා උෂ්ණාධික කාලගුණයක් පවතින අතරතුරදීය.

විදුලි කප්පාදුව හේතුවෙන් වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතයට ද බාධා එල්ල වී ඇත.

උත්සව සමයේ කාර්යබහුල ඔබ සහ පවුලේ සාමාජිකයන් උෂ්ණාධික කාලගුණයෙන් ආරක්ෂා වී සිටීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?

වියලි කාලගුණික තත්ත්වය හමුවේ ශරීරයේ විවිධ සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

උෂ්ණාධික කාලගුණය හමුවේ ළමුන්, වැඩිහිටියන් සහ රෝගීන් වඩාත් පීඩාවට පත්වන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යාපා උදය කුමාර පවසයි.

එමෙන්ම දැඩි අවුරශ්මියට නිරාවරණය වී වැඩකරන පුද්ගලයන්ට මෙන්ම එළිමහනේ ක්‍රීඩාවල නිරත පුද්ගලයන්ට ද ඉන් බලපෑම් එල්ල විය හැක.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි වියලි කාලගුණය සහ අධික දාහය හමුවේ පුද්ගලයන්:

  • විජලනයට පත් විය හැක
  • සමේ පිළිස්සුම් ඇති විය හැක (Sun burns)

උණුසුම් කාලගුණය හමුවේ ඇති විය හැකි ඉහත කී බලපෑම් අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවාද?

වෛද්‍ය උපදෙස් අනුව:

  • හැකි තරම් පිරිසිදු ජලය පානය කිරීම
  • හිරු රශ්මියෙන් වැළකී සිටීම සඳහා සන් ක්‍රීම් භාවිත කිරීම
  • උෂ්ණත්වය පිට නොවන ආකාරයේ ආවරණය වූ ඇඳුම් ඇඳීමෙන් වැළකීම (සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් උචිතය)

සාමාන්‍යයෙන් අධික උණුසුම හමුවේ පාසල් ළමුන් මෙන්ම වැඩිහිටියන් ද සිසිල් බීම පානය කිරීමට වැඩි නැඹුරුවක් දක්වති.

උත්සව සමයේImage copyrightGETTY IMAGES

“සිසිල් බීම කියලා අපි පානය කරන්නේ කාබනේටට් ජලය සහ කැලරි අඩංගු දේවල්. නමුත් ඊට වඩා හොඳයි අපේ ස්වභාවික පරිසරයේ තිබෙන තැඹිලි වගේ පානයක්, ඒ වගේම අපට සාදා ගත හැකි දොඩම්, දෙහි වගේ දේවල්. හැබැයි ඒ සඳහා සීනි සහ ලුණු අඩුවෙන් පාවිච්චි කරන්න,”

“සිසිල් බීමවලින් වළකින ඒක තමයි සුදුසු. ඒවා පාවිච්චි කරන්නම ඕනි නම් පැණි බීම බෝතල්වල සඳහන් වර්ණ සංකේත අතුරින් කැලරි අඩුම කොල වර්ණය භාවිත කරන්න,” යනුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යාපා උදය කුමාර කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

උණුසුම අවම කර ගැනීම සඳහා ගත හැකි පියවර:

  • නිවසේ දොර ජනෙල් විවෘත කර තැබීම
  • දැඩි අවුරශ්මිය පවතින අවස්ථාවල නිවසින් බැහැර යාමෙන් වැළකී සිටීම
  • ස්නානය කිරීම
  • නිවසින් බැහැර දීර්ඝ ගමනකදී කල් තියා සැලසුම් කිරීම (අවශ්‍ය ජලය සහ පාන වර්ග සකසා ගැනීම සඳහා)
  • හිස ආවරණය කර ගැනීම සඳහා හිස් වැස්මක් භාවිත කිරීම
  • අධික උෂ්ණත්වය හමුවේ පීඩාවට පත් විය හැකි පවුලේ සාමාජිකයන්, ඥාතීන් පිළිබඳ විමසිලිමත් වන්න

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ වියලි කාලගුණය මැයි මාසය තුළත් බලාපොරොත්තු විය හැකි යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවය.

පානීය ජලයට ලවන මිශ්‍ර වීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පනස් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බව කී ඔහු පානීය ජල ගැටලුව විසඳීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

BBC SINHALA

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img