‘දියවන්නා ප්‍රකාශය’ ට රනිල් -මහින්ද එකගතාවයකට

රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත ‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ විසින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොටගත් විශේෂ රැස්වීමක් අද දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හි දී පැවැත්විණි.

අද දින රැස්වීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මැතිතුමා සහ ගරු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභික මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහිතව පැවැත්විණි. විශේෂයෙන් මේ සඳහා අදාල රේඛීය අමාත්‍යාංශ භාර අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ ප්‍රධාන නිලධාරීහුද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සභාගත කරන ලද අතුරු වාර්තාවේ අඩංගු නිර්දේශ එකිනෙක පුලුල් ලෙස මෙහිදී සලකා බැලුනු අතර, දිගුකාලීන සාමය ස්ථාපිත කිරිම සඳහා මෙම නිර්දේශ ඉතාමත් සාධනීය මට්ටමක පවතින බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු සහභාගි වූ සියළු දෙනාගේ පොදු අදහස වීමද විශේෂත්වයකි.

මෙම නිර්දේශ අතුරින් කිහිපයක් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් සෙසු නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් තීරණය වූ අතර ඒ සඳහා අදාල විෂය භාර අමාත්‍යවරු ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ.

අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිකුත් කරන ලද ‘දියවන්නා ප්‍රකාශය’ද අද දින රැස්වීමේදී විශේෂ අවධානයට ලක් විය. ජාතික වශයෙන් වැදගත් පොදු කරුණු වලදී දේශපාලන භේදයකින් තොරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් එක්ව තීරණ ගැනීම සඳහා දියවන්නා ප්‍රකාශය මගින් ශක්තිමත් පදනමක් සකසා ඇති බවද මෙහිදී ඇගයීමට ලක් විය.

අද දින රැස්වීමේ කටයුතු සමාප්තියට පත්කරමින් ගරු කථානායකතුමන් සඳහන් කලේ තිරසාර ජාතික හා ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබීමත් ගරු අග්‍රාමාත්‍යතුමන් හා ගරු විපක්ෂ නායකතුමාගේ සක්‍රිය දායකත්වය ලැබීමත් අතිශයින් වැදගත් බවය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද දින ඇති කරගත් එකඟතාවයන් ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇති අතර, ඉන් අනාගත පරපුරට ජයග්‍රහණ රැසක් අත්පත් කර දෙනු ඇති බවත් එහි ගෞරවය ඒ සඳහා පුරෝගාමී වූ සියළු දෙනාටම හිමිවනු ඇති බවත් ගරු කථානායකතුමා වැඩිදුරටත් පැවසීය.

– කථානායක මාධ්‍ය අංශය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img