32 C
Negombo
32 C
Negombo

මංගලට – රාජිතට – චතුරට ගම්පහ විහාරස්ථාන තහනම්

-

මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ.

ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමි මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.

ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියෝ මෙලෙස ප්‍රකාශ කර සිටියහ.

තවද උන්වහන්සේ සොඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා  ගම්පහ ප්‍රදේශයෙහි කිසිඳු විහාරස්ථානයකට ආගමික හෝ වෙනත් කිසිඳු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව  ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවය.

එසේම මෙහිදී රටේ සියලුම ජාතීන්ට සාමුහිකත්වයෙන් පිළිගතහැකි සහ ක්‍රියාත්මක කළ හැකි පොදු නීති රීති මාලාවක් රට තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් පාලන තන්ත්‍රය තුළින් ඉදිරියේදී ඇති කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ

lankadeepa

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.