දිවුලපිටිය බෝලගල පරිසරය විනාශ කරන මහාපරිමාණ මැටිවලට – ජනාධිපති සම්මානයක් ?

පාවෙන හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලැස්මකට මුවාවෙමින් දිවුලපිටිය බෝලගල ප්‍රදේශයේ  සිදුකරන මහාපරිමාණ  මැටි කැපීම පිටුපස භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය  සහ ජලසම්පත් මණ්ඩලයේ   නිලධාරීන්  පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීන්  චෝදනා කරති.

වසර ගණනාවක සිට මෙම මහාපරිමාණ පරිසර විනාශයට එරෙහිව අරගල කරන බෝලගල ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතිය ග්‍රාම නිලධාරී වරයාගේ සිට ජනාධිපති තුමා දක්වා පැමිණිලි ඉදිරිපත්කර කර ඇතත් තවමත් මැරබලය සහ ධනබලය යොදාගනිමින් සිදුකරන මැටි කැපීම නතරකිරීමට බලධාරීන් පියවර ගෙන නැත.

මැටි වැලි කැපීම සදහා අටවනු ලැබූ මේ ව්‍යාජ පාවෙන හෝටල් ව්‍යාපෘතිය සදහා ජනාධිපති සම්මානයක් ලබාදීමට භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය කටයුතු කලොත් එය පුදුමයට කාරණයක් නොවන බව බෝලගල ප්‍රගති ග්‍රාම සංවර්ධනසමිතියේ ක්‍රියාකාරීන්  ප්‍රකාශ කරති.

ඇතිවූ පරිසරහානිය හේතුවෙන්  ලිං සිදීයාමෙන් ගම්වාසීන්ට දෛනික අවශ්‍යතා සදහා අවශ්‍ය ජලය ලබාගැනීම බලවත් ගැටලුවකට පත්ව තිබේ.

අක්කර දෙකක් සදහා බලපත්‍ර ලබාගෙන ඇති මෙම ව්‍යාපාරිකය විසින් මේවනවිට අක්කර දහතුනක පමණ ප්‍රදේශයක ඉතා ගැබුරු වලවල්  කපමින් දෛනිකව වැලි සහ මැටි ලොරි සිය ගණනක් ප්‍රදේශයෙන් පිටතට රැගෙන යමින් විශාල පරිසර හානියක් සිදුකරන බව ප්‍රදේශ වාසීන් පෙන්වා දෙති.

ප්‍රදේශවාසීන් විසින් ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කල මෙම මැටිවලට යාබද ඉඩමද මේවනවිට විශාල වලක් බවට පත්කරමින් මැටිවැලි කපා විකුණා ගැනීමට මෙම ව්‍යාපාරිකයා සමත්ව ඇත.

මෙම අපරාධය පිලිබදව ඇති සැබෑ තොරතුරු වසන්කරමින ව්‍යාජ පාවෙන හෝටල් ව්‍යාපෘතිය පිලිබදව පුවත්පත් වලට ලිපිලියන  අන්තර් ජාලයට කෙටි වාර්තා වැඩසටහන් මුදා හරින  භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයඅංශයේ නිලධාරීන් මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාගේ අතකොලුවක් බවට පත්වී ඇතිබවට සැකයක් ප්‍රදේශවාසීන් ප්‍රකාස කරයි.

ක්‍රීඩා පිටිය එදා

ක්‍රීඩා පිටිය අද

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img