මීගමුවේ රහසිගත නීතිවිරෝධී විදුලි සංදේශ මධ්‍යස්ථානයෙන් අත්අඩංගුවට ගත් චීනා ජුනි 10 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

විදුලිසංදේශ නියාමන කොමිසමේ අවසරයකින් නොමැතිව රහසිගත නීතිවිරෝධී   විදුලි සංදේශ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති චීන ජාතිකයා ඇතුළු සැකකරුවන් ජුනි මස 13 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ  ජි  ගුණදාස මහතා අද 8 දින නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ චි නී චේන් ජින් නමැති 35 හැවරදී චීන ජාතිකයා සහ . ඔහු සමග අත්අඩංගුවට ගත් මිගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන යෝගරාජා රගුරාම් සහ තංගරාජා රජිවූ යන සැකකරුවන් තිදෙනාය.

මිගමුව ඒත්තුකාල සිල්වෙස්ටර් පෙදෙසේ නීතිවිරෝධී දුරකථන සන්නිවේදන ජාලයක් පවත්වාගෙන යන බවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් සිදුකරන ලද වැටලීමකදී විශාල සංනිවේදන උපකරණ තොගයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන  වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මෙම අනවසර රහසිගත විදුලි සංදේශ මධ්‍යස්ථානය භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට හානිකර ක්‍රියා සිදුකර තිබෙනවා දැයි තව දුරටත් විමර්ශන සිදුකරන බවද සදහන් කළේය.

මෙම විදුලි සංදේශ මධ්‍යස්ථානය පවත්වාගෙනගිය දෙමහල් නිවසට රුපියල් ලක්ෂ තුනක මාසික කුලියක් සහ එයට යාබද නිවාස රුපියල් හැත්තෑහයදසක මාසික කුලියක් සැකකාර චීන ජාතිකයා විසන් ගෙවා ඇතිබව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් විද්‍යුත් උපකරණ අතර  සක්‍රිය කරනලද  දේශීය සහ විදේශීය දුරකථන සමාගම් වලින් ලබා ගත් සිම්කාඩ් 16950 ක් ඇපල් 6 කාණ්ඩයේ ජංගම දුරකථන 403 ක් ලැප්ටොප් පරිගණක 2 ක් රවුටර් 60 ක් ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් තිබුබව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව අධිකරණය වෙත වාර්තා කල තොරතුරු වල සදහන් වේ

විශේෂ කාර්ය බලකාය මෙම නීතිවිරෝධී   විදුලි සංදේශ ආයතනය වටලනු ලැබූ අවස්ථාවේදී  පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන ලෙස දුරකතනවල  දත්ත  සක්‍රිය කර විදුලිය බිදවටිමකදී සන්න්නිවේදන ජාලයඅක්‍රිය වීම වැළැක්වීම සදහා  ස්වයංක්‍රීයව පණගැන්වෙන  විදුලි උත්පාදක යන්ත්‍රයක් ද සවිකර තිබිණි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img