ජනාධිපතිවරණය: “ගෝඨාභයට ජය”

2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගෙන ඇති බව ඔහුගේ පාර්ශවය පවසයි.

මැතිවරණ කොමිසම සම්බන්ධ කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂගේ ගේ නියෝජිතයා වන ජනාධිපති නීතිඥ අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගෙන තිබෙන බවය.

“අපි ජනාධිපතිවරණය ජයගෙන තිබෙන්නේ. අපේ ජයග්‍රහණය 100%ක් පැහැදිලියි,” ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ලැබීමට නියමිත මෙම ජයග්‍රහණය “ගෞරවාන්විතව ද නීතිගරුකව” සමරන ලෙස සිය පාක්ෂිකයන්ගේ ඉල්ලා තිබේ.

“අපහාස, අවලාද, තර්ජන, බලහත්කාරකම් අභිබවා ජාතියක් ජයග්‍රහණය කිරීමට කැපවූ ඔබ සියළු දෙනාට අපි හිස නමා ගෞරවයෙන් ආචාර කරමු,” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ඩලස් අලහපෙප්රුම මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සජිත් ප්‍රේමදාස

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තම පරාජය පිළිගෙන තිබේ.

සජිත් ප්‍රේමදාසImage copyrightISHARA S. KODIKARA
Image captionසජිත් ප්‍රේමදාස

2019 ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට තම සුභපැතුම් පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තමන්ට ඡන්දය ලබාදුන් සියළුදෙනාට අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම නිවේදනය මගින් සිය ස්තුතිය පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ද වහාම ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සිය ඉදිරි දේශපාලන ගමන ගැන නුදුරු අනාගතයේ දී තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සෙනසුරාදා (නොවැම්බර් 16) පැවැත්වුණු ජනාධිපතිවරණයේ කොට්ඨාස සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ප්‍රතිඵල තවමත් නිකුත්වෙමින් පවතී.

ඉරිදා (නොවැම්බර් 17) සවස් යාමයේ නිල වශයෙන් ජයග්‍රාහකයා නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි

BBCSINHAL

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img