ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජාතිය අමතා කල ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් – කටාන ජලයෝජනා ක්‍රමයේ පස් මංකොල්ලය දිගටම

කටාන නලජල යෝජනාක්‍රමය සදහා ඉවත්කරන පස් පොදු ස්ථානවල සංවර්ධන කටයුතු සදහා යොදාගතයුතු බවට ප්‍රදේශිය සංවර්ධන කමිටු තිරණයට පටහැනිව මුදලට පස් විකිනිමේ ජාවාරම අදටත් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජාතිය අමතා කල ප්‍රකාශයේ දී

“ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, මගේ රජයේ මුලික වගකීමක් ලෙස මා සළකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරනන්ට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනඟනවා”.

යනුවෙන් කරනලද ප්‍රකාශය අභියෝඝයට ලක්කරමින් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් 22 වනදාද ජලයෝජනා ක්‍රමයේ ජලනල එලීම සදහා ඇත්ගාල ප්‍රදේශයේ  කපනලද කානුවල පස් සුපුරුදු පරදී විකිනීමට ගනුලැබූ  උත්සහයක් වැළැක්වීමට කටයුතුකල බව  රජිත හපුආරච්චි බස්නාහිර පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා  පවසයි.

වැලිහේන සිංහලමිශ්‍ර පාසැලේ විදුහල් පතිතුමගේ ඉල්ලීමට අනුව එම විදුහලේ ක්‍රීඩාංගනයට සහ ඇත්ගාල දේවස්ථානයේ පියතුමාගේ ඉල්ලීමට අනුව දේවස්ථානයට කපනපස් ලබාදෙන ලෙස තමන් කල ඉල්ලීම නීතිවිරෝධී ලෙස ජලව්‍යපෘතියේ  පස්ජාවරම් කරුවන් පිරිසක් ඉඩනොදීම නිසා සියරා සමාගමේ නිලධාරීන් සමග සාකච්චා කර පස් ඉවත්කිරීමට කිසිවෙකුට ඉඩනොදීමටත් කටාන  පොලිස් ස්ථානාධිපති වරයා සමග සකච්ඡා කර 25 වන සදුදා සිට පොදු ස්ථානවලට පස් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.

දිනකට ලක්ෂ තුනකට ආසන්න මුදලක් ගනුදෙනු වෙමින් සිදුවූ මෙම මහාපරිමාණ පස මංකොල්ලය පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටිනබවට කටාන ප්‍රාදේශීය සභාවේදී අවස්ථා කිහිපයකදී සාකච්චා සිදුවුවද පස් ජාවරම නොකඩවා සිදුවිය

මෙපිලිබදව අපකල ගවේෂණයේදී පස් ජාවාරමක් සිදුවන බවත් මේසදහා පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජ්ලසම්පාධන මණ්ඩලය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය භූවිද්‍යාහා පතල් කැනීමේ කාර්යාංශයේ ප්‍රදෙසිය ඉංජිනේරුවරයා   මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය  ද ප්‍රාදේශීය සභාව ද වගකිවයුතු බව අනාවරණය විය.

මෙම ජාවාරම සදුදා සිට හෝ නතර නොවන්නේනම් මේ පිලිබදව නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම රජිත හපුආරච්චි මහතාගේ මෙන්ම කටානේ ජනතාවගේ මනාපයෙන් මීලග මැතිවරණවලදී ගොඩායමට බලාපොරොත්තු වන සියලු දේශපාලඥයින් ගේ වගකීමකි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img