මත්තල විකුණා දැමීමට රජයේ සුදානමක් නෑ – ඇමති ප්‍රසන්න රණතුංග

මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) උඩුගම්පළදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා  කළ සදහනක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා වත්මන් රජය  ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් එකක් කියා එකක් කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ රණතුංග මහතා වත්මන් ආණ්ඩුව කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් බවද කීවේය.

මත්තල ගුවන්තොටුපල මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද මෙහිදී අවධාරණය කළේය

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img