විදුලි බිල වැඩිවෙයිද විදුලි කප්පාදුවක් අතලගද ?

අඩුවියදම් ගල් අගුරු බලාගාර වලට එරෙහිව ඩිසල් මාපියාව ක්‍රියාත්මකවී ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

ගල් අගුරු බලාගාර පිලිබදව පලකරන සමහර කරුණු සත්‍ය නොවෙයි අසල් වැසි ඉන්දියාවේ විදුලිය අවශ්‍යතාවයෙන් 80 % නිෂ්පාදනයකරන්නේ ගල් අගුරු බලාගාරවලින් පුනර්ජනනීය බලශක්තිය මෙන්ම පරිසරය රැකගැනීම අවශ්‍යයයි. ද නොරොච්චෝලේ බලාගාරය නිසා පැනනැගී ඇති  පාරසරික ගැටළු තාක්‍ෂණය මගින් නිවැරැදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා

වසරකට විදුලිය ඒකක බිලියන 66 ක් නිපදවනවා එක ඒකකයක නිෂ්පාදන වියදම රුපියලකින් අඩුකලොත් රටට බිලියන 66 ක මුදලක් ඉතිරි වනවා  යයිද පැවසූ සභාපතිවරයා කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් හෝ මිල වැඩිවීමක් සිදුනොවන බවද ප්‍රකාශ කළේය.

සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශකලේ  දාගොන්න ධනමුතු උත්සව ශාලාවේදී 17 දින පැවති මාර්ගගත(online billing system) විදුලිබිල් සැකසුම් ක්‍රමය   මගින් විදුලි බිල්පත සැකසීමේ සමාරම්භක උත්සවයට  එක්වෙමිනි.

මනුකියවන්නා විසින් මනුකියවිම සිදුකරන අවස්ථාවේම අන්තර්ජාලය ඔස්සේ බිල්පත් මධ්‍යස්ථානය සමග ජාල ගතවී  විදුලි පාරිභෝගිකයාගේ ගිණුම එම මොහොතේම යාවත්කාලීන වීම මෙම යෙදවුම මගින් සිදුවේ.

කිසිදු අතිරේඛ  වියදමක් නොදරා  මෙම මෘදුකාංගය විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්‍ෂණ අංශය විසින් සකස්කර විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් රටට ඉතිරිකර දුන්බවද සභාපතිවරයා සදහන් කළේය.

නායකත්වයේ නොහැකියාවන් නිසා  පැවති රජය විසින්  2014 න් පසු කිසිදු බලාගාරයක් ජනන සැලසුම අනුව ආරම්භ නොකළ බවද ජනන සැලැස්ම අනුව නවවිදුලි බලාගාර කඩිනමින් ආරම්භ කිරීමට ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නව රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක  කර අඩුවියදමින් විදුලිය නිපදවීමට පියවර ගනුලබන බවද සභාපතිවරයා පැවසිය.

මාර්ගගත(online) විදුලිබිල් සැකසුම් ක්‍රමය  මගින් පළමු බිල්පත සකස් කිරීම සදහා සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුකල අවස්ථාව ජයරුපයෙන් දැක්වේ නියෝජය සාමාන්‍යධිකාරී බස්නාහිර පළාත උතුර  ධම්මික තන්ත්රිමලේ මහතා ඇතුළු නිලධාරින්ද ජයරුපයේ වෙති.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img